27 April 2024
#දේශීය

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් සඳහා රු.මිලියන 10 ක පරිත්‍යාගයක්

ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රයක් ලබාගැනීම සදහා රුපියල් මිලියන 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා විසින් ඊට අදාල
චෙක්පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (24) බාරදෙන ලදි.

විදේශයන් හි සිට මත්තල ගුවන්තොටුපලින් පැමිණෙන ගුවන් මගීන්ගේ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ සේවයේ නියුතු සේවකයන්ගේ PCR පරීක්ෂණ කටයුතු සදහාත්, දකුණූ පළාත ල සිදු කරන PCR පරික්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීම සදහාත් මෙම PCR යන්ත්‍රය යෙදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

රුපියල් මිලියන 10 කට අදාල මෙම චෙක්පත ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල‌ට බැර කරන අතර, ඉදිරි සති 03 ඇතුලත මෙම PCR යන්ත්‍රය හම්බන්තොට මහ රෝහලේ ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු සදහා යෙදවීමට නියමිතය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, , සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරිය ආරච්චි යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්
එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *