යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඒකාබද්ධව යාල රක්ෂිතයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඉතා සරුවට වගා කර තිබූ මහා පරිමාණ ගංජා හේනක් වැටලීමට සමත්ව තිබේ. එහිදී අඩි හතරක් සහ පහක් පමණ උසට වැඩුණු ගංජා ගස්වලට අමතරව, අලෙවිය සඳහා සකස් කර තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 71ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, යුද හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














