• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි – මන්ත්‍රී විජිත‍

6 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසු‌වේ අද (06) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටි‌යේය “ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් ඉතා පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රහාරය සම්බන්ධ අපේ ස්ථාවරය රටට කියා තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ආකාරයත් ඉන්පසුව ක්‍රියාකළ ආකාරයත් තුළින් ඉතා පැහැදිලිව සනාථ වී තිබෙන්නේ බලයට තිබෙන කෑදරකම නිසා ඇති කළ සිද්ධියක් බවයි. ඒ වෙනුවෙන් සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් බව ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් මුදාහළ වීඩියෝවෙන් නැවත තහවුරු වෙනවා. ප්‍රහාරයෙන් පසුව ඒ දඩයම කරේ තබාගෙන ගියේ රාජපක්ෂ කණ්ඩායම බවත් එයට පෙර වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ආදිය විවිධ ප්‍රචාර ගෙනගියා. ප්‍රහාරය සිදුකර, දවස් කිහිපයකට පසුව ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ තමන්ට පමණක් බව කියමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ‘චැනල් ෆෝ’ නාලිකාව තුළින් මව්ලානා හෙළිකරන තොරතුරු අනුව නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන, සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි. මේ වාර්තාව නිකුත් කරන බව ප්‍රචාරය කළ සැනින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම 05දා පාර්ලිමේන්තුවේදී මව්ලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ මව්ලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන්, එක්ක සිටින ඡායාරූප හමුවී තිබෙනවා. පිල්ලෙයාන් එක්ක තිබූ සම්බන්ධය ඔහුම හෙළිකර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිවැරදි එල්ලයකට ක්‍රියාත්මක නොකළ නිසා, සැබෑ චුදිතයන් තවමත් සැඟවී සිටිනවා. නමුත් මේ තොරතුරුවලින් මහ මොළකරුවා සහ ඔවුන්ගේ උවමනාවන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මැල්කම් රංජිත් කාදිනල්තුමා අවස්ථා කිහිපයකදීම විවිධ තොරතුරු අනාවරණය කරමින් පරීක්ෂණ කළ යුතු පුද්ගලයන් සහ ඉලක්කය පිළිබඳව ප්‍රකාශ කර තිබුණා. නමුත් අද වනතුරුත් ඒය සිදුකළේ නැහැ. සහරාන් කණ්ඩායමේ තිබුණු අන්තවාදී අදහස් පාවිච්චි කර, ඔවුන් හරහා ප්‍රහාරය දියත් කළ බව වාර්තා වැඩසටහනෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට ඍජුවම ඇඟිල්ල දිගුකොට තිබෙනවා. ඔහු එම තනතුරට පත්කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු විගසින්මයි. සුරේෂ් සලේ මේ සම්බන්ධයෙන් චූදිතයෙක් වී සිටි බව මුල සිටම කියැවුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු වහාම ඔහුව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත්කරනවා. මේ සිදුවීම් දෙක අතර, අන්තර් සම්බන්ධයක් තිබෙන බව ජනතාවට ඉතා පැහැදිලියි. පාස්කු ප්‍රහාරය සිදුකරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වගේම ඔහුගේ හොඳම ගෝලයා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටෙන් බැහරව සිටියේ. මේ නිසා රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජේවර්ධන දෙදෙනාම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානීන් ලෙස සිටියා. ඔවුන්ට මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ජනාධිපති මුක්තිය නිසා අද ඔහු ඒ චෝදනාවලින් ඉවත් වී සිටිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට එදා හිටපු පාලකයන් මුළුමනින්ම වගකිවයුතුයි. එම ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව සහරාන් ඇතුළු අන්තවාදීන්ට එල්ල වෙනවා. මේ නිසා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව තීන්දුකර තිබෙනවා, හිටපු ජනාධිපති-මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී- නිලන්ත ජයවර්ධන, සහ එවකට සිටි පොලිස්පති ඇතුළු පිරිසකගෙන් වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළා. මේ වගකිවයුත්තන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළත්, ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් මේ දක්වා ගොනුකර නැහැ. ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධුරයේ නැහැ. ඒ නිසා ඔහුට මුක්තිය නැහැ. ආරක්ෂක ඇමතිවරයාට ඕනෑම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක්‍රියාමාර්ග සලසන්න. රනිල් වික්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි. චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ සිදුකිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහට ජාතික ජන බලවේගයේ අපි බලකර කියන්නේ සුරේෂ් සලේව වහාම තනතුරෙන් ඉවත් කරන්න කියලයි. ඒ වගේම ඔහුට සහ පිල්ලෙයාන්ට විරුද්ධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබාගෙන පරීක්ෂණ නිවැරදි ඉලක්කයට ගෙනයන්න බැහැ. මුලින්ම රටේ ආරක්ෂක ඇමති සහ සේනාධිපති ඔහු ඉවත් කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ඉටුකළ යුතුවාක් මෙන්ම ඔහුටත් යුතුකමක් තිබෙනවා මේ චෝදනා එල්ලවීම හමුවේ ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඉඩ සලසාදීමට. ජනතාවට සාධාරණත්වය, යුක්තිය ඉටු නොවීමෙන් රටට අපකීර්තියක් ඇති වෙනවා. තොරතුරු අනාවරණය කළ ‘චැනල් ෆෝ’ නාලිකාව හම ගහලා හරියන්නේ නැහැ. රටට ඇත්ත හතුරුකම තිබෙන්නේ චුදිතයන් ආරක්ෂා කිරීම මගින්. ලෝකය පුරා මේ තොරතුරු ප්‍රචාරය වීමෙන් අපකීර්තිය ඇති වෙන්නේ චූදිතයන් ආරක්ෂා කිරීමෙන්. සැබෑ වගඋත්තරකරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ හැරිම තුළ මෙවැනි වාර්තා වැඩසටහන් තව සිය ගණනක් ඇති වෙන්න පුළුවන්. රටට අපකීර්තියක් ඇති වෙන්නේ ඒ මගින්. වාර්තා වැඩසටහන නිසා රටට අපකීර්තියක් ඇති වෙනවා කියලා මෙය වහන්න දෙන්න බැහැ. අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් වහාම අලුතෙන් පටන්ගත යුතුයි. ජාත්‍යන්තර නීතියේ “ඩම් ඩම් බුලට්” කියලා සංකල්පයක් තිබෙනවා. යම් සිද්ධියක් උඩ යට යමින් දිගටම පැවතීම එයින් අදහස් කරනවා. පාස්කු ප්‍රහාරය සිදුකර අවුරුදු 4 1/2කටත් වැඩි වුණත් ‘ඩම් ඩම් බුලට්’ එකක් වී තිබෙනවා. මෙය තවත් වසර ගණනාවක් දිග්ගසාගෙන නොයා වින්දිතයන්ට යුක්තිය ඉටුකළ යුතුයි. ජීවිත අහිමි වූ සිය ගණනක් දෙනා වෙනුවෙන්, යුක්තිය ඉටුකරන්න නම්, චූදිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග රටේ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. මහ මොළකරුවන්ට එරෙහිව නැවත පරීක්ෂණ මුල සිට ආරම්භ කරන ලෙස ජාතික ජන බලවේගයේ අපි අවධාරණය කරනවා යැයි මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

විනය කඩ කිරීමක් නිසා දයාසිරිගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි

Next Post

DFCC බැංකුව සංවිධානය කළ “Read the Way” තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි

editor

editor

Next Post

DFCC බැංකුව සංවිධානය කළ “Read the Way” තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved