#වෙනත්

DFCC බැංකුව සංවිධානය කළ “Read the Way” තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි

DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය.

DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන සමග අත්වැල් බැඳගත් අතර, ඔවුන් සියලුම දෙනාගේ සාමූහික ප්‍රයත්නයන් ඔස්සේ මෙරට දිස්ත්‍රික්ක 19 ක, පාසල් 50 ක දරු දැරියන් 14,000 කට අධික පිරිසකට සෙත සැලසීමට හැකියාව ලැබිණි.

මෙම උදාර මෙහෙවර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පීඩා විඳින දරුදැරියන් සහ පවුල් රැසකට ඉමහත් සහනයක් විය. දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇතිකරවීම තුළින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘පරිපූර්ණ හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාව ඇති කිරීම’ යන ඉලක්කය සාක්ෂාත් කරගැනීමට හැකි වන බව DFCC බැංකුව විශ්වාස කරන අතර, ඉදිරියටත් දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *