ලෙබනනයේ අගනුවර වන බේරූට් (Beirut) නුවර පිහිටි හෝටලයකට සහ එරට නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. බේරූට් නුවර හස්මියේ (Hazmieh) සහ බාබ්ඩා (Baabda) සීමාවේ පිහිටි ‘කම්ෆර්ට් හෝටලය’ (Comfort Hotel) ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරවය.
ප්‍රහාරයෙන් හෝටල් ගොඩනැගිල්ලට සහ අවට ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති අතර, මෙය කිසියම් විශේෂ පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ ඝාතන තැත් කිරීමක් විය හැකි බවට සැක කෙරේ. ඊශ්‍රායල හමුදාව විසින් බේරූට් නුවර ජනාකීර්ණ ප්‍රදේශ සහ දකුණුදිග තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර, ඔවුන් පවසන්නේ හිස්බුල්ලා (Hezbollah) සංවිධානයේ මධ්‍යස්ථාන තමන් ඉලක්ක කරන බවයි.
යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනය පුරා දහස් සංඛ්‍යාත ජනතාවක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටිති. මෙම නවතම ප්‍රහාර මාලාවත් සමඟ ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 40 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.














