• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලය ඩැහැ ගැනීමේ වෙනුවට ජනතා බලයක් ගොඩ නඟමු – දුමින්ද නාගමුව

27 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදිනෙදා ජීවිතයේදී ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ඇතුළු විවිධ දුෂ්කරතා සටන් පාඨ ලෙස ගෙන මීළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ඩැහැ ගැනීමට දේශපාලන බලවේග විසින් දරණ උත්සාහයන් වෙනුවට ජනතා ප්‍රශ්න විසඳන වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ සිට ගාල්ල දක්වා යන ‘ජනපෙළගැස්ම’ආරම්භ කරමිනි.

විවිධ දේශපාලන පක්ෂ විසින් ජනතාව මුහුණ දෙමින් සිටින දහසක් ගැටලු පාවිච්චි කරමින් ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක යෙදී සිටින නමුත් අවශ්‍ය වන්නේ සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා ඇත්ත විසඳුම් සොයා යන ජනතාවගේ සංවිධානාත්මක බලයක් බව දුමින්ද නාගමුව එහිදී පෙන්වා දෙන ලදී. ඔහු පැවසුවේ මේ ජනතා ව්‍යාපාරය ගොඩනැඟීමේදී මූලික පදනම් 6ක් සළකා බැලිය යුතු බවයි.

එහිදී දුමින්ද නාගමුව මහතා මෙසේ අදහස් පල කලේය ” “පළමුවෙන්ම, අද වන විට ලෝකයේ දේශපාලනය, ආර්ථිකය හැසිරවෙන්නෙ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් තුළ බව අවධානයට ගත යුතුව ඇත. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය හා භු දේශපාලනය වෙත බලපෑම් සහගත ලෙස මැදිහත් වෙමාන් සිටින චීනය, එක්සත් ජනපදය හා අසල්වැසි ඉන්දියාව විසින් මෙරට ජනතාව මෙන්ම ශ්‍රමිකයන්, ස්වභාවික සම්පත් ආදිය කොල්ලකෑමේ සැලැසුම් ක්‍රියාවට නගා ඇත. ඉන්දිය සාගරයේ බලපොරය තුළ අධිරාජ්‍යවාදී ගැටුමකට පාලකයන් විසින් ලංකාවත් එහි ජනතාවත් ඇද දමා ඇත. එම අධිරාජ්‍යවාදී බලපෑම් පරාජය කිරීමට අධිරාජ්‍ය විරෝධි මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව තිබේ.ඒ සමඟම අධිරාජ්‍යවාදයේ මුල්‍ය ප්‍රාග්ධනය මේ රටේ සමස්ත ආර්ථිකය, සමාජ දේහය හා මානව පැවැත්ම ගොදුර කර ගෙන ඇති නවලිබරල් ආර්ථික ක්‍රමයෙන් ගැලවීමක් නැතිව ජනතා ගැටලුවලට ඇත්ත විසඳුම් සෙවිය නොහැකිය. තුන්වන කාරණයක් ලෙස මේ රටේ දේශපාලන නායකයන් විසින් ජනතාව ජාති ආගම් ආදි වශයෙන් බෙදා වෙන්කර එකිනෙකා ඇනකොටා ගන්නා තැනට කටයුතු කරමින් අන්තවාදයන් පෝෂනය කරමින් ඡන්ද ගොඩ ගසා ගැනීමෙන් දේශපාලන බලය පවත්වා ගෙන යයි. මෙම ජාතිවාදය, ආගමික හා වෙනත් අන්තවාදියන් පාවිච්චි කරන දේශපාලනයට විරුද්ධ ජතා බලයක් සංවිධානය කළ යුතුව ඇත. එපමණක් නොව, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් සිටින පාලකයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදුකර ඇත. විරුද්ධ අදහස්, වෙනස් අදහස් දරන පුද්ගලයන් මර්දනයේ ඉලක්ක බවට පත්ව ඇත. අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මහජන බලයක් අවශ්‍ය වේ. සිර ගෙවල් තුළ මිනිසුන් මරා දමනු ලබන, උද්ඝෝෂණවලට පහර දීම වැනි තත්වයන් මෙන්ම මිලිටරිකරණය හරහා මර්දනය ස්ථාපිත කරන පාල‍නය පරාජය කිරීමට මහජන ව්‍යාපාරයක් අවශ්‍යව තිබේ. පස්වැනි කාරණයක් ලෙස පාලකයන් විසින් සිය ව්‍යාපාරික ගජමිතුරන් සමග ගෙන යන පාරිසරික සංහාරයට එරෙහි බලයක් අවශ්‍ය වී ඇත. පරිසර විනාශයට ඒරෙහිව කතා කරන රාජ්‍ය නිලධාරින් පවා මර්දනයට ලක් වේ. ඉඩම් කොල්ලය, ජල සම්පත්, වනජීවින්, සාගරය, කඳුකරය ආදි වශයෙන් සමස්ත පරිසරයේ අයිතිය ජනතාව සතුවන බැවින් පාලකයන් විසින් ඒවා සාහසික ලෙස විනාශ කිරීමේ තත්වය පරාජය කිරීම පරිසරය රැක ගැනීමට කැමති සියලු දෙනා ඒකරාශි කරන මහජන ව්‍යාපාරයක කාර්යය වේ. සය වැනි කාරණය ලෙස, පාලකයන් මෙවැනි අගති සහගත, විනාශකාරී පාලනයක්, පවත්වාගෙන යන්නේ මිත්‍යාවන්, ගතානුගතික ව්‍යාජයන් ආරක්ෂා කරමින් හා නඩත්තු කරමින් බව පෙනේ. මේ සමාජ පසුගාමිත්වයට එරෙහිව ජනතාව නව දැනුමෙන් හා සමාජ ප්‍රගතිය කෙරෙහිවන අවබෝධයෙන් සමන්විත මහජන බලයක් බවට සංවිධානය කළ යුතු වේ.” යැයි දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

රටට සහ ජනතාවට සෙත් පතා ජනපති ප්‍රධානත්වයෙනි ජය පිරිත් සඡ්ඣායනයක්

Next Post

මහරගම ව්‍යාපෘති 45ක් අතපසු කරලා – මහරගම සංවර්ධන කමිටුවේ

editor

editor

Next Post

මහරගම ව්‍යාපෘති 45ක් අතපසු කරලා - මහරගම සංවර්ධන කමිටුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved