27 April 2024
#ක්‍රීඩා

ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු

ටෝකියේ පැරාලිම්පික් තරග බිමේ ලාංකීය නාමය පතුවරවමින් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු තරග බිමට එළඹීමට නියමිතය.

මෙවර පැරාලිම්පික් සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලාංකීය ධජය රැගෙන යාමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත විසිනි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සිය දෛනික පුහුණුවීම් කාර්යයන් සඳහා බාධාවන් පැවතියද, සමස්ත රටේ අප්ක්ෂාවන් ඉහළ නංවමින් සිය අපහසුතාවයන් පවා දෙවැනි කොට තබමින් ඔවුන් සිය පුහුණුවීම් කාර්යයේ නිරතවීම ප්‍රශංසනීය කරුණකි. සිය ස්ථිර අධිෂ්ඨාන ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිදුකරනු ලැබූ මෙම කැපවීම සමස්ත ලාංකීයයන්ගේ වගේම විශේෂ අවශ්‍යතා සහිත සැමගේ අධිෂ්ඨානය ඉහළ නැංවීමට සමත් සුවිශේෂී කරුණක් බවට පත්ව ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *