• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වොයිස්කට් වීරයෝ නොවි එක්වී ගැටලුවලට විසඳුම් සොයමු – මන්ත්‍රී ඩිලාන්

2 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට මුහුණපා ඇති ආර්ථික අසිරුතා හමුවේ වෙන් වෙන්ව මාධ්‍ය ඉදිරියේ විසඳුම් ඉදිරිපත් කරමින් වීරයන් වීමට උත්සහ නොගෙන රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම වඩාත් පලදායි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (02) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා “අද රට ඇතුලෙත්, ලෝකයේත් විවිධ ප්‍රශ්න නිසාත්, විවිධ දුෂ්කතාරතා තියාගෙන තමයි ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ.රටේ අභ්‍යන්තරයේ පේන්න තිබෙන ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. ඒ නිසා මේ ඩෝලර් ප්‍රශ්නයට විසඳුම් හොයනවා විනා එයට වෙන වෙනම road map හදන එක හරියනවාද කියලා මට හිතෙනවා. ආණ්ඩුව හදන්න දර දිය ඇද්ද උදවිය ප්‍රශ්න මැද්දේ ඔවුන්ගේ ඇමතිකම් හොඳින් කරමින් ඒ අය ආණ්ඩුව හරිපාරට ගන්න උත්සහයකුත් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද කාටත් අමතක වේලා තිබෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් එන්නත්කරණයේදී බොහෝ රටවල් වලට වඩා ඉදිරියෙන් ඒ කාරණය කරනවා කියන කාරණය අපිට මතකයි. මෙවැනි රෝගයකින් මේ රටේ ජනතාව ගලවා ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත වැයම අපිට මතකයි සමහර පිරිස්වලට එය අමතකයි.
අපිට පැහැදිලිව පේනවා මේ රටේ ආනයන වියදම අඩු කරගන්න ඕන. පිටරටින් ගේන අපේ රටේ වවන්න පුළුවන් දේවල් අපේ රටේ වවන්න ගෝඨාභාය මැතිතුමා පටන්ගත්තා. අලුත් දේශීය නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු කළා. මින් සියලු කාරණා එක්ක තමයි අපි දැන් ඩොලර් ප්‍රශ්නයට විසඳුම හොයන්න වෙලා තිබෙන්නේ. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය ඒවා තමයි අපේ රටට ඩොලර් ආපු මාර්ග. නමුත් සංචාරක කර්මාන්ත කඩා වැටුණා.
යුක්රේනය සහ රුසියාව අතර ඇතිවෙච්ච යුධ තත්වය අපේ රටේ ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑමක් තිබෙනවා. මේ යුධමය තත්වයත් සමඟ ඇමරිකාවේ ඊයේ එළිදැක්වූණු අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ඇමරිකාවේ තෙල් මිල 40% වැඩි වුණා, පරණ කාර්වල මිල 45% න් වැඩි වුණා, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා භාණ්ඩල මිල 25% න් වැඩි වුණා. එවැනි තත්වයන් තුළ අපේ අපනයන වලට ද බලපෑමක් ඇතිවෙනවා. මේ දවස්වල අපේ රටට එරෙහිව ජිනිවා මානව හිමිකම් කවුන්සිලය තුළ සාකච්ඡා වෙනවා. අපේ රටේ මේ යුක්රේනයටත් වඩා එහා ගිය යුද්ධයක් තිබුණේ. අහිංසක මිනිස්සු මරලා බෝම්බ තියපු කොටි සංවිධානය පරාජය කළා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ. ඒ වගේ අහිංසක මිනිස්සු මරපු කොටි සංවිධානය එක්ක යුද්ධ කරලා ජයග්‍රහණය කරපු රණවිරුවන් යුධ අධිකරණයට අරගෙන යන්නයි මේ කටයුතු කරන්නේ. එහෙත් විපක්ෂය සිදුකරන්නේ ජිනිවා වලට ගිහින් රණවිරුවන් බේරාගන්නවා නොවේ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් වෙනස් කරන්න කටයුතු කරනවා. මෙවැනි විපක්ෂයක් තියාගෙනයි අපි කටයුතු කරන්නේ. අපි රටක් හැටියට මේ තිබෙන වාතාවරණය තේරුම් අරගෙන අපි හරි මගක් තෝරා ගන්නවනම් අපි voice cut නොදි අපි සියලු දෙනාම එකතුවෙලා කටයුතු කරන්න ඕන.ලෝකයේම දෙබිඩිම ප්‍රතිපත්තියක් බලවත් රටවල් අනුගමනය කරන වේලාවක අපි තේරුම් ගන්න ඕන අවසානයේ අපිට ඉන්නේ අපි විතරයි කියලා. ලෝකයේ අපිට සිටින මිත්‍රයන්, සතුරන් කවුද කියලා තේරුම් ගනිමින් කිසිම කඳවුරකට බැදෙන්නේ නැතිව නොබැදි පිළිවෙතක් අනුගමනය කරමින් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳුමක් හොයන්න ඕන අපි සියලු දෙනා එකතුවෙලා.
බැසිල් රාජපක්ෂ මැතිතුමා මාර්තු මාසයේ 05 දා පසු විදුලිය කැපීම අපට නැවැත්වීමට හැකියි කියලා. ඒ වගේ කෙටි කාලීන විසඳුම් ගන්නා ගනිමින් ඩොලර් ප්‍රශ්නය විසඳගන්නේ නැතිනම් නැවත විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඩොලර් ප්‍රශ්නයත් එකක් තමයි මේ සියලු දේ රඳා පවතින්නේ අපේ රට. නූල් එකකින් නොව නූල් දහකින් බැඳිලා තිබෙන්නේ අපේ රට සහ අපේ ආර්ථිකය. ” යනුවෙන් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළෝය.

 

Post Views: 4
Previous Post

හෙල්ප් අයිකන් වෙතින් අපේක්ෂා රෝහලට, කටුවන රෝහලට වෛද්‍ය උපකරණ

Next Post

මාතලේ කිරිගොවින්ට ප්‍රතිලාභ ලබා දෙයි

editor

editor

Next Post

මාතලේ කිරිගොවින්ට ප්‍රතිලාභ ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025

Recent News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

26 August 2025
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved