27 April 2024
#දේශීය

මාතලේ කිරිගොවින්ට ප්‍රතිලාභ ලබා දෙයි

මධ්‍යම පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන්, මාතලේ දිස්ත්‍රික්කයේ කිරිගවපාලනය සිදු කරන ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණ ඇතිව, රුපියල් මිලියනයක් පමණ වටිනා උපකරණ බෙදා දිමා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ උප නගරාධිපති අමිල නිරෝෂන්,, මධ්‍යම පලාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සුජාතා විජේසිංහ, මධ්‍යම පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ පලාත් අධ්‍යක්ෂ දොස්තර රාජනායක මධ්‍යම පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර අමුණුගම යන මහත්ම මහත්මින් ඇතුලු මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම පශුවෛද්‍ය වරුන් සහ ප්‍රතිලාභීන් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *