අවිද්‍යාව පරදා ප්‍රඥාවත්, අන්ධකාරය පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන උතුම් මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබේ. බහුවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරයි. බැතිමතුන් යාඥාවෙන් සහ භාවනාවෙන් ගත කරන මෙම ආධ්‍යාත්මික දිනයේදී, වඩාත් සාමකාමී සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා අදිටන් කරගත යුතු බව ඇය පෙන්වා දෙයි. ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාට සෞභාග්‍යය සහ සාමය උදා වේවා යැයි ද අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩය මඟින් ප්‍රාර්ථනා කර සිටියි.














