ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් සහ මෙරට ආර්ථික වාතාවරණය සැළකිල්ලට ගනිමින්, මාර්තු මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ (Litro) ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව පවතින මිල ගණන් යටතේම පාරිභෝගිකයින්ට ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මැදපෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති මිල ගණන් උච්චාවචනය වෙමින් පැවතියද, දේශීය වෙළඳපොළ තුළ ස්ථාවරත්වයක් පවත්වා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව සමාගම් ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලසීමාව පුරාම ලිට්‍රෝ සමාගම මිල සංශෝධන සිදු කළද, මෙවර මිල නොවෙනස්ව තැබීම සාමාන්‍ය ජනතාවට යම් සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














