දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවීමේ රජයේ වගකීම වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් අප ඉටු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගුණත්වයෙන් ඉහළ සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී IDEA ආයතනය මඟින් සිය නිෂ්පාදන රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා දේශීය වෙළෙඳපොලට නිකුත් කිරීමේ ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
ලොව පුරා ඇස්බැස්ටස් භාවිතය අවම කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති අවස්ථාවකදී, දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් ද, විශිෂ්ඨ නිමාවකින් හා පැවැත්මකින් යුතු වන සෞඛ්‍යට හා පරිසරයට හිතකර මට්ටමේ, කල් පවත්නා විශිෂ්ට ගණයේ සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවූ දේශීයෙ ව්‍යවසායකයෙකු වන IDEA ආයතනයේ අධිපති සම්පත් මහතා සිය දැනුම මෙහෙයවීම පිළිබඳ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පල කළේය.
එසේම දේශීයව නිෂ්පාදිත මෙම සෙවිලි තහඩු බෙදා හැරිමේ අයිතිය හා ඒකාධිකාරය රජය වෙත පවරා ගනිමින්, ගුණත්වයෙන් ඉහළව නිෂ්පාදනය කරන මෙවැනි දේශීය දේ පාරිභෝගික ජනතාවට විශ්වසනීයත්වයෙන් හා සාධාරණ මිළ ප්‍රතිපත්තියක් යටතේ බෙදාහැරීමට මැදිහත් වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් කටයුතු කරන බව හෙතෙම පැවසිය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ලක් සතොස ආයතනයේ සභාපති, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, IDEA ආයතනයේ අධිපති ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.