27 April 2024
#දේශීය

පැණි ව්‍යාපාරයට කාලි මැණියන් භාවිත කරන්න එපා – ශර්මා ස්වාමිතුමන්

ධම්මික වෙද මහතාට කාලි මැණීයෝ හිනෙන් ඇවිල්ල බෙහෙත හදන හැටි කිව්වානම් මුළු ලෝකයට මෙවැනි වෛසරයක් ඇති වන බව කලින් කියන්න බැරී වුණේ ඇයි බණ්ඩාරවෙල ශ්‍රී භද්‍රකාලිඅම්මාන් කෝවිල් ශර්මා ස්වාමිතුමන් ප්‍රශ්ණ කර සිටි.

ස්වාමිතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ කෑගල්ල ප්‍ර දේශයේ ධම්මික බණ්ඩාර නම් වෛද්‍යවරයෙකු යැයි හදුන්වමින් කොරෝනා රෝගය සඳහා සදන ලද පැණිය ව්‍යාපාරයක් බවත් එය කාලි මැණියන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.
එම පුද්ගලයාට මෙම ස්ථානයට පැමිණ කාලි මැණියන් එම පණිවුඩය කිව්වාද නැද්ද යන්න ඔප්පු කල හැකි බව ස්වාමිතුමන් පැවසිය. එසේම පැණි විකුණන්න එපා යැයි නොකියන අතර එම ව්‍යාපාරයට කාලිමැණියෝ සම්බන්ධ කර නොගන්නා ලෙස ස්වාමිතුමන් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *