පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර 15 වැනි කිලෝමීටර කණුව අසලදී අද ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් කඩවත දෙසට ධාවනය වන මංතීරු අවහිර වී ඇති අතර දැනට රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් කඩුවෙල සිට කඩවත දෙසට ගමන් ගන්නා වාහන සඳහා දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ. එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හෝ පවතින තදබදය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.













