මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරයට අයත් තිරුපෙරුන්දුරෙයි විවෘත බන්ධනාගාර පරිශ්‍රයේ අක්කර 20ක වගා කරන ලද වී අස්වැන්න නෙළීමේ උත්සවය බන්ධනාගාර අධිකාරී අසිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වපුරන ලද මෙම බෝගයෙන් අක්කරයකට වී බෑග් 15ක් පමණ අපේක්ෂා කරන බව බන්ධනාගාර අධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.
ස්වභාවික ක්‍රමවේදයන් භාවිතා කරමින් සිදු කරන ලද මෙම වගාව මගින් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී ඇති අතර පූජා යාඥාවලින් පසුව අස්වැන්න නෙළීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර ප්‍රධාන ජේලර් එස්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ආගමික නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














