කාන්තාවන් මුළා කර, මත්ද්‍රව්‍ය ලබා දී, ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ළිංවලට තල්ලු කර ඝාතනය කිරීමේ බිහිසුණු සිදුවීම් මාලාවකට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මඩකලපුව වැසියන් සිය ස්තූතිය පොලිසිය වෙත පුද කර සිටිනවා.
පොලිසිය සඳහන් කළේ මංමුනෙයි උතුර තරුණ සංගමය විසින් මෙම අපරාධය හෙළා දකිමින් පසුගිය බදාදා (01) ගාන්ධි උද්‍යානයේදී සාමකාමී රැස්වීමක් සංවිධානය කර තිබූ බවයි. අනතුරුව ඔවුන් මඩකලපුව පොලිස් මූලස්ථානය දක්වා පාගමනින් ගොස් මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිය උපහාරය පුද කර තිබෙනවා.
පසුව එම පිරිස නැඟෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීති නිලධාරී වරුණ ජයසුන්දර සහ මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න යන මහත්වරුන් හමුවී, මෙම වැටලීම් මෙහෙයවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළා. රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් සිදු කළ මෙම අපරාධ තවදුරටත් සිදුවීම වැළැක්වීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට පොලිසියේ මෙම කඩිනම් ක්‍රියාමාර්ගය හේතු වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.














