මඩකලපුව කොක්කඩිචෝලේ, මුනෙක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (27) සිදු වූ වනඅලි ප්‍රහාරයකින් 76 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට මහිලඩතිව් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කොක්කඩිචෝලේ පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොක්කඩිචෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














