මඩකලපුව ප්‍රදේශයේදී මවක සහ දරුවකු ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්, සිහිසුන් කර ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධියට අදාළව තීරණාත්මක අනාවරණයන් රැසක් පොලීසිය විසින් සිදු කර තිබේ. මෙම අපරාධය සඳහා සැත්කම්වලදී භාවිත කරනු ලබන ප්‍රබල නිර්වින්දන ඖෂධ (Anesthetic drugs) භාවිතා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර, අදාළ ඖෂධ සැකකාර අඹුසැමි යුවළට ලබාදුන් බව කියන 37 හැවිරිදි පුද්ගලයෙකු අද (27) කොක්අඩිචෝලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත්, ඔහු කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මඩකලපුව පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරුට අදාළ නිර්වින්දන ඖෂධ ලබාදුන් බවට සැකකෙරෙන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විටත් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ. වෛද්‍ය පාලනය යටතේ පමණක් භාවිත කළ යුතු මෙවැනි ඖෂධ අපරාධකරුවන් අතට පත්වූ ආකාරය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු වී ඇත.














