ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. හොරුන්ට සහ දූෂිතයන්ට දඬුවම් දී අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතට ගැනීම තම ආණ්ඩුවට ලැබුණු ජනවරම බව ඔහු අවධාරණය කළේය. ස්වාධීන රූපවාහිනි කරළිය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
තම ආණ්ඩුව යටතේ නීතිය සැමට සමාන වන අතර, ගල් අඟුරු කොමිසම පත් කළ අවස්ථාවේ ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූයේ එහෙයින් බව හෙතෙම පෙන්වා දුන්නේය. කුමාර ජයකොඩි නිවැරදි බව සියයට සියයක්ම විශ්වාස වුවත් ඔහු නීතියට ඉඩදී ඉවත් වූ බවත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 160 දෙනාටම කිසිදු චෝදනාවක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


















