27 April 2024
#ක්‍රීඩා

මෛත්‍රිව ජනපති කරන්න මහින්දගේ උදව් ඕන

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නගා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග ඒකරාශි කර ගත යුතු බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.  ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින්. 

එහිදී ඔහු කියා සිටියේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බවයි.

ගොඩ නැගෙන පුළුල් සන්ධානයේ නායකයා මෙන්ම ජනප්‍රිය නායකයා මහින්ද රාජපක්ෂයයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ඇතිව කටයුතු කල යුතු බව හෙතෙම කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *