• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතරමග නැවතී ඇති ව්‍යාපෘති වහාම සාර්ථක ආදායමක් ලබන තත්ත්වයට පත් කරන්න – කෝප් කමිටුව

10 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කළ, සංවර්ධනය කළ සහ මුදල් වියදම් කොට දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති වහාම සාර්ථක කර රටට ආදායමක් ලැබෙන තත්ත්වයට පත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා එම අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ් මහතා මෙම උපදෙස් ලබාදුන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ 2017 හා 2018 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට එම අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ (07) කැඳවා තිබූ අවස්ථාවේදීය.

මෙහිදී අනාවරණය වූයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සහ අධීක්ෂණය වන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ලාබ ලබන තත්ත්වයක නොපවතින බවයි. මේ අනුව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය, මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය, කර්මාන්තපුරයක් ඉදිකරීමට මිල්ලෑව වතුයායෙන් අක්කර 812 ක් පවරා ගැනීමට අදාළ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව ඉදිකිරීම සඳහා වැය වූ මුදල පිළිබඳව සහ අයභාර වියදම් ලෙස මෙය පවත්වාගෙන යාම සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වැයකර තිබූ මුදල පිළිබඳවද සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙහිදී සඳහන් වූයේ මේ සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අයභාර වියදම් ලෙස රුපියල් 75,889,769 ක් වැයකර තිබූ බවත් මේ මගින් 2017 සිට 2019 දක්වා ලැබී තිබූ ආදායම රුපියල් 15,896,360 ක් බවත් ය. මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ මෙය හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අදාළ එක් අංගයක් බවයි. නමුත් මෙම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම ක්‍රියාත්මක නොවීම නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක වී නැති බව පැවසීය. එසේම මෙය දිගටම පාඩු වී ඇති නිසා ආයතන දෙකක් සඳහා මෙහි කළමනාකාරීත්වය පැවරීම මගින් ලාබ ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය. තවද රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව ඉදිකිරීම සිදු වූයේ විදේශ ආධාර යටතේ බවත් මේ සඳහා උපදේශන කටයුතු පමණක් නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ බවත් ය. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදල් වියදම් නොකළ බවද එම නිලධාරීහු පැවසූහ.

මෙහිදී කෝප් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා අදායම් ලබන තත්ත්වයට කටයුතු කරන ලෙසයි.

තවද 2017 වර්ෂයේ මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් පසුව මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතියට අදාළව කසල කන්ද ස්ථායිකරණය සඳහා මීටර් 30 සිට 12 දක්වා මට්ටම් කර බැලැන්කට් ලේයරයක් යෙදීම හා හරිතාගාර වායු විමෝචන ඒකක ස්ථාපනය කිරීමට පෞද්ගලික ආයතනයක් වෙත රුපියල් මිලියන 269.5 ක් 2020 වර්ෂයේ ලබාදී තිබීම පිළිබඳත් එහි කාර්යය සාධනය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. නමුත් ස්ථායීකරණය කරන ලද කසල පිහිටි ස්ථානය වර්තමානය වන විට නිසි කළමනාකරණයකින් හා අධීක්ෂණයකින් තොරව පවතින බවත් මෙහිදී පැහිදිලි විය. මේ අනුව මේ ගැන පරීක්ෂණයක් සිදු කොට මාස 2ක් ඇතුළත වර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාඩු නිකේතන පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි මන්ත්‍රිවරු පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සෑම දිස්ත්‍රික්කයකම පවතින නිවාඩු නිකේතන පිහිටා ඇත්තේ එම දිස්ත්‍රික්කයේ දර්ශනීයම ස්ථානයක බවයි. මේ නිසා ටෙන්ඩර් ලබාදීමේදී රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ. එසේම මෙම නිවාඩු නිකේතන කුලියට ලබාගන්නා පිරිස් ඇතැම් විට දේශපාලන හිතවත්කම් මත ලබාගැනීම සිදුවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එසේම මෙම නිවාඩු නිකේතන නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වයකට පත් වී ඇති බවද සඳහන් විය. තවද 2011 වර්ෂයේ පිහිටවූ රෙස්ට් හවුස් සමාගමට අදාළ මෙම නිවාඩු නිකේතනවලට ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව කෝප් කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කළේ මෙම නිවාඩු නිකේතන අලුත්වැඩියා කිරීම පිළිබඳවද සැලසුමක් ඇතුළත්කොට මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මීට අමතරව දෛනිකව කොළඹ නගරයට පැමිණෙන වාහන නවතා තැබීමට ඇති ස්ථාන වැඩි කිරීම සහ කොළඹ නගරයට දෛනිකව පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂණ අවශ්‍යතා සලසාදීමට අවශ්‍ය පහසුකම් වැඩි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. තවද කොළඹ විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රුඩ් 2 පර්චස් 21.4 ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීම පිළිබඳවද මෙහිදී සාක්ච්ඡා විය. එසේම අධිකාරිය විසින් නාගරික ඉඩම් පරිහරණ ප්‍රත්පත්තියක් සකස් කර ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, පාඨලී චම්පික රණවක, ජයන්ත සමරවීර, (ආචාර්ය) සරත් වීරසේකර, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේම්නාත් සී දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 2
Previous Post

රටේ අර්බුදයේ අවසන් උත්තරය මැතිවරණයයි – රවි කුමුදේශ්

Next Post

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න – ජනපති

editor

editor

Next Post

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved