• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මැලිබන්, අනුබද්ධ ආයතන 6ක් සමඟ හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගනී

15 November 2022
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි.

මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් ලබාදෙන ලද හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය මැලිබන් බිස්කට් සමාගම ලබා ගැනීම තවත් එක් ඉදිරි පියවරකි. මැලිබන් බිස්කට් සමාගමට අමතරව එහි අනුබද්ධ සමාගම් වන මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, වොන්ඩර් පැක් (පුද්) සමාගම, ගෝල්ඩන් බේක් (පුද්) සමාගම සහ ලිට්ල් ලයන් ඇසෝසියේට් (පුද්) සමාගම වෙතද මෙම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැලිබන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ “ආරම්භයේ පටන්ම තිරසාර බව හා වගකීම් සහගත ව්‍යාපාරකරණය අපගේ ව්‍යාපාර ආචාර ධර්මයන්හි ප්‍රධාන සාධකයක් වුණා. ලෝකයේ ඉහළම ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් සහිත යුරෝපා සංගමය, ජපානය සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන තවත් කලාප රැසක් ඇතුළුව රටවල් 40කට වැඩි ප්‍රමාණයක මැලිබන් නිෂ්පාදන ජනප්‍රිය වී තිබීම අපගේ නිෂ්පාදන්හි ගුණාත්මකභාවයට මනා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.

සෑමවිටම වගකීම් සහගත හා තිරසාර ක්‍රියාවලියකින් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන අප, හරිතකරණය ඉහළ නැංවීම සහ හරිතකරණ ඉහළ නැංවීම සඳහා අක්කර 300කට අධික බිම් ප්‍රමාණයක නිෂ්පාදන සඳහා අවශ්‍ය වගාවන් සිදු කර තිබෙනවා. ඒ තුළින් සැලකිය යුතු කාබන් ප්‍රමාණක් පරිසරයට එකතු වීම අවම කරමින් ද්‍රව්‍යමය හා ප්‍රමාණාත්මක වශයෙන් කාබන් විමෝචනය අවම කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙය අපගේ තිරසාර ව්‍යාපාර ගමනෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතරම එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් පරිසරයට මෙන්ම අපගේ පාරිභෝගික ප්‍රජාවට හිතකර ආකාරයෙන් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීමට අපි කැපවී කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි.” යනුවෙනි.

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් විගණනය කරල ලද මෙම සහතිකය මැලිබන් සමූහයට හා එහි සියලුම අනුබද්ධ සමාගම්වලට අදාළ වන අතර ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මාර්ගෝපදේශ සහ අවශ්‍යතාවයන්ට අනුකූලව තිරසාර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුමනය කිරීමට අදාළ සමාගම් සතු කැපවීම අවධාරණය කරනු ලබයි.

මැලිබන් සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා තම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රථම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නකි. “වසර 70කට ආසන්න කාලයක් තිස්සේ අපි ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලොව පුරා පාරිභෝගිකයින් වෙත හොඳම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඉහළම තත්වයේ ගුණාත්මක බිස්කට් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ලබා දීමට කටයුතු කර තිබෙනවා. අද වන විට අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා විධිමත් ආකාරයෙන් පාරිසරික, සමාජීය වගකීම් පිළිබඳ ප්‍රමිතීන් හා යාන්ත්‍රණයන් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තුළින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් අපගේ පාරිභෝගිකයින් වඩාත් ප්‍රිය කරන ඉහළම තත්වයේ නිෂ්පාදන තුළින් ඔවුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් ISO 14064-1:2018 පදනම් කරගත් හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගැනීම අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්හි සාමාන්‍ය අරමුණු ඉක්මවා යන්නකි. එසේම පාරිසරික කාර්ය සාධන දර්ශකයන් ඉහළ නැංවීම සඳහා කාබන් විමෝචනය අවම කිරීමේ උපාය මාර්ග සකස් කිරීම හා අනුගමනය කිරීම විශිෂ්ට ව්‍යාපාරකරණය වෙනුවෙන් වන අපගේ සොයා ගැනීම් තව දුරටත් ඉදිරියට ගෙන යන්නක්. එය කර්මාන්තයේ නියුතු අනෙකුත් ආයතනයන්ටත් කදිම ආදර්ශයක් සපයන බව නොඅනුමානයි.”

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල යනු පරිසර අමාත්‍යාංශ විෂයය පථය යටතේ ක්‍රියාත්මක රජය සතු ස්වාධීන ආයතනයකි. එය ISO 14064-1:2018 තත්ව සහතිකයට අදාළ කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් කාබන් අවම කිරීම සඳහා වන සහතිකය ලබා දීමට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් ( Accerditation) ආයතනයකි.

 

පිටපත – PR

 

Maliban Goes Green with Its 6 Subsidiaries Receiving Carbon Footprint Certification

Sri Lankan diversified business group, Maliban has invested heavily in broadening its Environmental, Social, and Governance (ESG) framework, while solidifying its position as a responsible industry stakeholder.

These efforts have brought the Organization global recognition, with regard to its eco-friendly manufacturing processes, with the Maliban Group of Companies now having received Carbon Footprint Certification for quantification and reporting of greenhouse gas emissions, from the Sri Lanka Climate Fund. The Group companies that have received Carbon Footprint Certification include Maliban Biscuit Manufactories (Pvt.) Ltd, Maliban Milk Products (Pvt.) Ltd, Maliban Dairy & Agri Products (Pvt.) Ltd, Wonder Pak (Pvt.) Ltd, Golden Bake (Pvt.) Ltd, Little Lion Associates (Pvt.) Ltd.

“From our inception, sustainability and responsible business have been part of our ethos,” said, Managing Director of the Maliban Group, Ms. Kumudika Fernando, “This is reflected in our time-tested commitment to quality, with Maliban products now being enjoyed in over 40 countries, including the EU, Japan and many other jurisdictions with some of the strictest food safety standards in the world. In our endeavour to always be responsible and sustainable, we have also under taken the plantation of over 300+ acres of land, which no doubt provides us with a significant number of carbon credits, helping us to materially and measurably reduce our carbon footprint. At Maliban, our commitment to quality, the environment and our communities remains ever more resolute, as we mark this very significant milestone on our sustainability journey.”

The Sri Lanka Climate Fund’s accredited certification applies to the Maliban Group and all of its subsidiaries, underscoring the organization’s broad-based efforts to adopt sustainable and eco-friendly business practices in line with internationally accepted guidelines and requirements.

Commenting on this industry-first achievement, Mr. Ravi Jayawardena – Group CEO at the Maliban Group said, “For nearly 70 years, we have been devoted and committed to serving Sri Lankans and customers all over the world with the highest quality confectionaries, made from the finest ingredients. Now, we are taking the next step on this journey of excellence to formally incorporate environmentally and socially responsible standards and mechanisms in our manufacturing processes, to deliver the high-quality treats and delights our customers love, while minimizing any negative impact on the environment and significantly contributing to facilitating a thriving society. Achieving ISO 14064-1:2018 based Carbon Footprint Certification transcends the general expectations of our Corporate Social Responsibility (CSR) initiatives, by setting and adopting emissions reduction strategies for improvement in environmental performance indicators, furthering our quest for excellence, while also creating a pathway for others in the industry to follow.”

The Sri Lanka Climate Fund is an independent, government-owned organization functioning under the purview of the Ministry of the Environment and is an accredited organization having international recognition to grant carbon footprint certification to industry and trade against the ISO 14064-1:2018 standard.

 

Post Views: 6
Previous Post

අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීම ජනපති අතින්

Next Post

මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

editor

editor

Next Post

මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කරනවා - රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved