27 April 2024
#දේශීය

මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

මෙම වසර අවසානයට පෙර කන්කසන්තුරේයි වරාය නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එමගින් රටටත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් ප්‍රතිලාභ රැසක් අත්කර දීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි වරාය නීරීක්ෂණය චාරිකාවක් අතරතුරදී ය, රජයේ වියදම් අඩු කිරීම අරමුණින් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරින් පසුදින දුම්රියෙන් කොලඹින් යාපනය බලා පිටත්විය.

නිරික්ෂණ චාරිකාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් මහතා පැවසුවේ මේ වන විට ජනප්‍රිය දේශපාලන පාඨ වලට මුවා වී රටේ අනාගතය විනාශ නොකර රටේ ආර්ථිකයට ඔබින තීරණ අරගෙන මේ රට දියුණු කල යුතු බවයි.

යුද්ධයේන් පිඩා විදපු සියල්ලට සහන සැලසිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

එසේම කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීම සඳහා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් අනුව ඉන්දියාවේ EXIM බැංකුවේ අරමුදල් මගින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

මේ තුළින් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය මෙහි තව අරමුණක් බවත් එමෙන්ම දේශිය අභන්තර වරයාන් අතර භාණ්ඩ ප්‍රවාහනයද මේ මගින් කාර්යක්ෂම කිරීමටද බලාපොරොත්තු වන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *