වැල්ලවාය, තණමල්විල මාර්ගයේ අද (13) අලුයම සිදු වු රිය අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ යාලබෝව ප්රදේශයේදී තණමල්විල දෙසට ගමන් කල පාපැදියක් දකුණු පස අතුරු මාර්ගයකට හැරවීමේදී වැල්ලවාය දෙසට අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු, පසුපැදිකරු, පාපැදිකරු සහ පාපැදියේ ගමන් කල තවත් පුද්ගලයෙකු වැල්ලවාය රෝහලට ඇතුලත් කර ඇත.
එහිදී පාපැදිකරු මිය ගොස් ඇති අතර අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්රතිකාර සඳහා මොණරාගල රෝහල වෙත මාරු කර යවා ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක් වන ගලමොටආර, වැල්ලවාය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.