27 April 2024
#දේශීය

අද (13) රජයේ විශේෂ දිනයක්

අද(13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

හෙට ට (14) යෙදී ඇති පොසොන් පොහොය දිනය නිමිත්තෙන් මෙලෙස විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ අතර පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙනයාමේ ගැටලුව සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

රජයේ පාසල් , රජය අනුමත සියලු පෞද්ගලික පාසල් මෙන්ම කතෝලික පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී තිබේ.

මේ අතර , ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල අද දිනයේ සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ආගමන – විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවාන් බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යා යුතු බැවින් අද දිනයේ ආගමන විගමන දොපර්තමේන්තුවේ සියලු කාර්යාල විවෘත තැබෙන බවයි.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණික හා කාර්මික විද්‍යාල අවසන් විභාග කල් දමා තිබේ.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.සී ජගත් මහතා දැනුම් දෙන්නේ එම විභාග ලබන 20 වැනිදා පැවැත්වෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *