27 July 2024
#දේශීය

වෙඩි තබා අයෙකු මරුට – ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

අම්බලන්ගොඩ, කොලඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී අද (22) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා කුලිගොඩ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වු අයෙකි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරවන් අනාවරණ කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *