ජාතික ජන බලවේගය යටතේ රට නව ගමනක් ආරම්භ කර ඇති බැවින් පරාජිත දේශපාලනඥයන් වියරු වැටී සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසයි. පූඩළුඔය පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාට නුවරඑළියට ඒමට කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නොවන බවයි. වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව අභියෝග කරන පුද්ගලයන්ට එළඹෙන මැයි දින රැලියේදී තලවකැලේදී පිළිතුරු ලබා දීමට සූදානම් බවත්, තව මාස 6ක් ඇතුළත මෙම “දේශපාලන පිස්සුව” සම්පූර්ණයෙන් සුව කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














