• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කෙරේ

5 December 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම අද (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාල ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම මෙහි දි සිදුකරන ලදී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමයක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර කාර්යාංශයේ ලියාපදිංචිය ලබාඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ.

තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර තිබිය යුතුය.

(අවම වශයෙන් පසුගිය මාස තුන තුළ) මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා වේ. ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක් වේ. මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි(Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක්හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවේ.

ණයලාභියා ගෙන් අයකල හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබා දේ.මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදි අදාළ බැංකුව වෙත යොමුකල හැකිය.

අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ලඟම ඥාතියෙකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මඟින් ණය ගෙවීම සිදුකිරිම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා නියුක්තිය අවසන් කර ලංකාවට පැමිණි පසුව පමණක් අදාළ අවස්ථාව ලබා දී ඇති අතර රුපියල් මඟින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙලඳපොල පවත්නා පොලී අනුපාතයන් අදාළ කර ගැනීම සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමයක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොළි අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබා දේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• කොමර්ෂල් බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සම්පත්බැංකුව
• සෙලාන්බැංකුව
• කාගිල්ස් බැංකුව
• DFCCබැංකුව
• ජාතික සංවර්ධනබැංකුව
• පෑන්ඒෂියාබැංකුව
• යූනියන්බැංකුව

මෙම ගිවිසුම් හුවමාරු කිරිමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පි.ඒ විමලවිර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩබලන සාමාන්‍යාධිකාරි අනුර ලියන්වල, අතිරේක සාමාන්‍යාධිකාරින් වන ආර්.එම්.සී.බී ඒකනායක, මංගල රන්දෙනිය ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගමේ සභාපති සුරාජ් දන්දෙනිය යන මහත්වරුන් හා සම්භාවනිය අමුත්තන් රැසක් එක්වි සිටියේය.

 

Post Views: 9
Previous Post

මාතර දිස්ත්‍රික් මහ රෝහලට නවීන තාක්ෂණික විශේෂිත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රයක් – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

editor

editor

Next Post

නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved