• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුළුමණින්ම සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය වැඩිකර ගැනීමට සමත් වුණා – ඇමැති මනුෂ

26 December 2023
in දේශීය
මුළුමණින්ම සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය වැඩිකර ගැනීමට සමත් වුණා – ඇමැති මනුෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ” ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම ජනප්‍රිය තීන්දු තීරණ දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. ජනප්‍රිය තීන්දු තීරණ ගන්න ගිය ඒ සෑම අවස්ථාවකම අප වැනි කණ්ඩායම් ඊට විරෝධය දක්වා සිටියා. නමුත් ජනතාව වෙනුවෙන් කියමින් දේශපාලඥයන් ජනප්‍රිය තීන්දු ගත්තා. එසේ ක්‍රියාකල සෑම අවස්ථාවකම රටක් විදියට අපි අසාර්ථක වී තිබෙනවා. විපක්ෂ කණ්ඩායම්වලට මෙයින් ගැලවීමක් නැහැ. ඒ අයත් රටේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු ගන්නා විට ඒවාට විරෝධය දැක්වූයේ, ජනප්‍රිය තීන්දු ගනිමින්. ඒවා පටු දේශපාලන අරමුණු මත ගනු ලැබූ තීන්දු බව කිව යුතුයි. අවසානයේදි අපේ රට ආර්ථිකමය වශයෙන් දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා. මේ රට ගොඩ ගන්න බෑ කියලා තේරුම් අරගෙන හිටපු නිසයි ඇතැමුන් වගකීම් භාරගන්න බෑ කිව්වේ. ජනාධිපතිතුමා ඇතුළු අපි මේ වගකීම භාරගත්තේ නැතිනම් බස්වලින් සෙනග ඇදලා රැලි පෙන්වන අයටත් ඒ මිනිස්සු නැති වෙනවා. රට ගමන් කරමින් සිටියේ මහා ඛේදවාචකයකටයි. අපිට දැන් චෝදනා කරන සමහරුන්ට මතක නෑ, ඒ මෙහොතේ ඔවුන් ආණ්ඩුවෙ සිටි බවත් අප විපක්ෂයේ සිටි බවත්. අප ආණ්ඩුව භාරගත්තේ රටේ විදෙස් සංචිතයේ එක් ඩොලරයක්වත් නොතිබුණ තත්ත්වයකයි. මහ බැංකුවේ ඩොලර් වත්කමට වඩා වැඩි වත්කමක් රට ගිහින් පැමිණි අපේ විදේශ ගත ශ්‍රමිකයින් සතු වුණා. මුළුමණින්ම සිදීගොස් තිබු මෙරට ඩොලර් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා අද වන විට වැඩි කිරීමට ආණ්ඩුව සමත්ව තිබෙනවා. ඒ මෙහොතේ අපි බලයට ආවේ නැතිනම් රටේ ඩොලර් නැතිව, කිසිවක් ආනයනය කරන්න නොහැකි වනවා. අප බලයට එන විට තිබුණේ හිතුමතේ මුදල් මුද්‍රණය කළ තත්ත්වයක්. උද්ධමනය ඉහළ ගියේ ඒ නිසයි. ඒ ආකාරයටම මුදල් මුද්‍රණය කළා නම් ඇත්තටම වෙළද සැලකින් බඩු ගන්න යන්න වෙන්නේ විල් බැරෝවක සල්ලි පුරවාගෙනයි. පසුගිය වසර අවසාන වන විට ඩොලරයක වටිනාකම රුපියල් 365ක් වෙලා තිබුණා. ඩොලර් එක 600 ට 700ට යා හැකි බවයි ඇතැමුන් පැවසුවේ. හැබැයි අද වන විට ඩොලර් එක 320ට ගෙන එන්න හැකි වී තිබෙනවා. ඩොලරයේ අගය සියයට 11කින් පහළ දැමීමට හැකිවුණා. අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය තමයි ඩොලරයේ වටිනාකම තීරණය කරන්නේ. පිට රටක ඉන්න ළමයෙක්ට ඉගෙන ගන්නවත් කීයක්වත් යවන්න බැරි වෙනවා. අපි එනවිට පොලී අනුපාතය සියයට 25 කට වැඩියෙන් තිබුණේ. හැබැයි අපි අවුරුදු එකහමාරකට පස්සේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතය තනි අගයකට අරගෙන තිබෙනවා. බැංකුවකින් ණයක් ගන්න පුළුවන් තත්ත්වයකට අප රට පත් කළා. මෙය සෘණ ආර්ථික වර්ධනයක් තිබුණ රටක්. අප එය ධණ ආර්ථික වර්ධනයකට ගෙනවිත් තිබෙනවා. පසුගිය වසරේ තිබූ තත්ත්වයට වඩා ඉතා ඉහළ තැනකට කෘෂි අංශය, කර්මාන්ත අංශය වගේම සංචාරක කර්මාන්තය ද ගෙන ඒමට හැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. දැන් එය සිදු වෙමින් තිබෙනවා. නියම විදියට බදු අය කරගන්නවා. හැමෝම බදු ගෙවනවා. රට දාලා ගියපු අයත් ඒ රටවලට ගිහින් විශාල බද්දක් ගෙවනවා. සමෘද්ධිය දෙනවා වගේ බදු සහන දීලා රටක් ගොඩ ගන්න බැහැ.මේ වන විට පාතාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. දැන් එම කටයුත්තටත් මාධ්‍ය සංදර්ශන කියා චෝදනා කරනවා. ඒ වගේම ජනතාව ඉල්ලපු ක්‍රම වෙනස ඇති කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ශ්‍රමයට ගරුත්වයක් දෙන වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. රට ඩිජිටල්කරණයට ලක් කරමින් සිටිනවා යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 1
Previous Post

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

Next Post

චීනයේ සමාගම් 42ක නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ කුළුබඩුවල රස වැටෙයි

editor

editor

Next Post
චීනයේ සමාගම් 42ක නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ කුළුබඩුවල රස වැටෙයි

චීනයේ සමාගම් 42ක නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ කුළුබඩුවල රස වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved