• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක්- ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත

28 March 2024
in පුවත්, ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරදි උපදේශන සේවාවන් භාවිතා කළ යුතුව ඇති බව නීතිඥ සුසන්ත කටුගම්පොළ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත කටුගම්පොළ මහතා, “ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සබඳතාවය වර්ධනය කර ගනිමින් ඕස්ට්‍රේලියාවට නිවැරදි හා නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම අප ආයතනයේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා ශ්‍රී ලාංකිකයින් වෙත නිවැරදි මඟ පෙන්වීම ලබා දීමට ඕස්ට්‍රේලියා ගේට්වේ ආයතනය හා ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ අබ්දුල් කෆූර් මාවතේ ශාඛාවක් ද ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමිකයින්ටද මෙහිදී අපගේ සේවාවන් ලබා දෙනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තියෙන හොඳම අවස්ථාක් ලෙස නිපුනතා සංක්‍රමණය පෙන්වා දිය හැකියි. ඒ සඳහා වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපනය හා ඉංග්‍රීසි දැනුම වැදගත් වන අතර එම අයට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය මෙන්ම පුරවැසිභාවය ලබාගත හැකියි. එලෙස පදිංචි වන අයට අපි දෙන පළමු උපදෙස ශ්‍රී ලංකාව අමතක නොකර ලංකාවට සෑම ආකාරයකම උදව් උපකාර කරන ලෙසයි. ශ්‍රී ලංකාව ගැන කලකිරීමෙන් ඕස්ට්‍රේලියාවට ඒමට අදහස් නොකර ශ්‍රී ලංකාව ගැන ආදරයෙන් පැමිණ තමන්ගේ අභිවෘද්ධිය හා අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කරන්න. ශ්‍රී ලංකාවේ තිබෙන සමාගම් වලට ඕස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමට ඉහළ අවස්ථාවක් උදාවී තිබෙනවා. දේපළ සංවර්ධනය, කෘෂිකාර්මික අංශය, සේවා අංශය හා සම්පත් අංශයේ ආයෝජනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.විදේශීය සමාගම් වලට ඕස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමෙන් 100% ක ආරක්ෂාවක් හිමි වෙනවා. විදේශීය සමාගම් වලට එරට ආයෝජනය කිරීම සඳහා නීතියෙන් බාධා පමුණුවා නැහැ. එය වඩාත් සුබවාදී හා එලදායි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකාවේ සමාගම් වලට අපි ආරාධනා කර සිටිනවා ඔස්ට්‍රේලියාවේ ආයෝජනය සඳහා යොමුවන ලෙස. එය අප රටට හොඳ අවස්ථාවක් වනු ඇත. අප ආයතනය මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හා ආයෝජනය කිරීමට අවශ්‍ය සේවාවන් හා මඟ පෙන්වීම ලබා දීමට මෙන්ම ඔබ වෙනුවෙන් එරට තුළ පෙනී සිටීමට කටයුතු කරනවා. ඔබේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය නම් නිවැරදි උපදෙස් හා සේවාවන් ලබා ගැනීම වැදගත් වෙනවා. ව්‍යාපාර සංක්‍රමණය, නිපුණතා සංක්‍රමණය, ගෝලීය දක්ෂතා මත සංක්‍රමණය, පවුල් සංක්‍රමණය වන විධි හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අවස්ථා රැසක් උදා වී තිබෙනවා යැයි” කටුගම්පොළ මහතා වැඩිදුරටත් පැවසීය.

සේවාලාභියා සඳහා පවතින හොඳම හා නිවැරදිම මාර්ගය හඳුනා ගැනීම සඳහා නොමිලේ මූලික උපදේශන ලබාදීම. හැකි හොඳම ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලීකරණය කළ සහ ගැලපෙන ප්‍රවේශයක් සමඟ අනාගත ගනුදෙනුකරුවන්ට සහාය වීම.

ඉල්ලුම් පත්‍රය සැකසීම සඳහා අවශ්‍ය ලියකියවිලි සමඟ සේවාදායකයාට සහාය වීම. වීසා ලබා දීම දක්වා ඉල්ලුම්පත්‍ර සැකසීම සඳහා සේවාදායකයා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීම.

සේවා යෝජකයාගේ අනුග්‍රහය දක්වන සංක්‍රමණ මාර්ගයේ අනාගත සේවා යෝජකයන්ට සහ සේවකයන්ට මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දීම. ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ විකල්පයන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබා දීම.

නව ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේදී මග පෙන්වීම. ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට සේවාදායකයින්ට උපදෙස් දීම යන සේවාවන් ෆෙයාර්ෆීල්ඩ්ස් නීතිඥවරුන් හරහා ලබා දීම සිදු කරයි.

Post Views: 9,568
Previous Post

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Next Post

පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

editor ttvnews

editor ttvnews

Next Post
පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් - පොල් සංවර්ධන අධිකාරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved