27 April 2024
#දේශීය

මගඩි රැසක්… දුක් විදින්නේ ජනතාවයි – විපක්ෂනායක සජිත් කියයි

රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර,එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත්  මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී “විපක්ෂයෙන් හුස්මක්”25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට  රුපියල් තිස්ලක්ෂ අනූදහසක  (රු.3,090,000.00)  වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.

අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර  විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද ඒ මහතා පැවසීය. 

ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ,ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව  ලබාදෙන බවද පැවසීය.

 මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු  අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ  මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද පැවසීය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත්  ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව  සූදානම් නැති බව පැවසූ ඒ මහතා මේ සියලු දේ සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය .

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *