• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ජාතික රෝහලේ පරීක්ෂණ රැසක් නවති – රවි කුමුදේශ්

29 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමග ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බව, ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වන බවවාර්තා වේ.

පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් හා බොහෝ පාර්ශවයන් සදහා එමගින් ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම තබා අධ්‍යක්ෂකවරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින්සේ කටයුතු කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති ඇතර, මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්ථා වේ.

ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnecium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුලම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බව වාර්ථා වේ.

රවී කුමුදේශ් මහතා සදහන් කලේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක් ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම බව ප්‍රකාශ කලේය. ජාතික රෝහල සදහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුව ඇති බවද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී සහ ඒවායෙන් වඩා ලාභදායී ලෙස ප්‍රතික්‍රීයක ලබා ගැනීමට හැකිව තිබියදී, ඒවා දැඩිව ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුධය හිතා මතා නිර්මාණය කරනු ලබන එකක් බවට පෙනෙන්නට තිබෙන බව, හෙතෙම පැවසීය.

ඉන්දියානු ණය ආධාර පහසුකම් ඩොලර් මිලියන 60කට වඩා තවදුරටත් ඉතිරිව තිබියදී සහ හතර ගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රීයක ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකිව තිබියදී, ප්‍රතික්‍රීයක හිගවීම රසායනාගාර සේවාවේ බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් බවත්, රසායනාගාර සේවා අංශයට වෙන් කල ප්‍රතිපාදන වලින් මිලියන 125ක් ප්‍රයෝජනයට නොගෙන හරවා යවා තිබෙන තත්වයක් යටතේ රට පුරා ප්‍රතික්‍රීයක හිගයක් පැවතීම සහ ඉතා අසරණ අඩියකට පත්ව ඇති මහ ජනතාවගේ පරීක්ෂණ ටික සිදු කිරීමට නොහැකි තත්වයක් ඇති කර ඔවුන්ව පෞද්ගලික රසායනාගාර වෙත යොමු කර සාමූහිකව ගසා කෑම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාළණ වැරදි නිසා සිදු වන්නක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කලේය.

Post Views: 3
Previous Post

නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍යයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත්

Next Post

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025

Recent News

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved