27 April 2024
#දේශීය

නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍යයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත්

මධ්‍යම රජය – පළාත් සභාව ලෙස නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පළාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය මනා සම්බන්ධීකරණයකින් පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගිය 27 වනදා පැවති අවස්ථාවේදිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සෑම මසකදීම දෙවරක් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධකරගනිමින් සහ පළාතේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයේ මෙලෙස පළාතේ සංවර්ධනය උදෙසා සහ ප්‍රමුඛ මහජන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් විසදුම් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ලබන බවත්, රට මුහුණ දෙනු ලබන අභියෝගකාරී ආර්ථික වතාවරණය තුල මුල්‍ය කළමනාකරණය වඩා විධිමත් ව සිදුකිරීමේ අවශ්‍යතාවය පවතින බවත් ඒ සදහා ක්‍රමවත් ලෙස සැලසුම්කරණයක අවශ්‍යතාවය පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ගුණතිලක රාජපක්ෂ, වී. රාධක්‍රිෂ්ණන්,ආචාර්ය රංජිත් බණ්ඩාර, උදයන කිරිදීගොඩ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

මහේෂ් කිර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *