මාර්තු මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ පැවති මිල ගණන්ම මෙම මාසයේදී ද නොවෙනස්ව පවතින බව එම සමාගම නිල වශයෙන් දැනුම් දී ඇත.
ලිට්‍රෝ සමාගම සඳහන් කරන පරිදි වර්තමාන මිල ගණන් පහත පරිදි වේ:
කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 කි.
කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 කි.
කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 කි.
මේ අතර මාර්තු මාසයේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 38,000 ක ප්‍රමාණයක් දැනටමත් ඇණවුම් කර ඇති බවත්, වෙළෙඳපොළේ ගෑස් හිඟයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.















