• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

MCC ගිවිසුමෙන් රටට හානියක් නම් හෙළි කරන්න – මංගල, මහින්දට අභියෝග කරයි

1 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරනවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකරහුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලානොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළිකරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරන බවයි.

එසේම මෙයට පෙර මැතිවරණ සමයකදීද, ඇමරිකන් භීතියක් මවා සීගිරිය, සිංහරාජය හා ගාලු කොටුව ඇමරිකාවට විකිණීමට සූදානමක් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනතාවට වැටහී ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

 

මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ද මෙම මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි අද වනවිට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වේ. කාදිනල්තුමන් මිලේනියම් ගිවිසුමට විරුද්ධයැයි යන පුවත ව්‍යාජ ප්‍රචාරයක් යැයි අගරදගුරු නිවසෙන් නිවේදනය කර තිබේ.

ජනපතිවරණයෙන් පරාජය වීම වැළැක්වීම සඳහා ආගමික සිද්ධස්ථානද උපයෝගී කරගනිමින් සත්‍ය විකෘති කර දේශපාලන වාසි ගැනිමේ පහත් මට්ටමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැටී ඇති බව මෙමඟින් මනාව පැහැදිලි වේ.

ජනාධිපතිවරණයක් ආසන්නව තිබියදී ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී එය දරාගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්වන අතර, මෙමඟින්ද විපක්ෂය බලාපොරොත්තු වනුයේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීමටය.

මෙරටේ ජනාධිපතිවරණය හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකන් පුරවැසියකු ජනාධිපති කිරීමටත් හා ඇමරිකන් පුරවැසියකු ආර්යාව කරවීමටත් උත්සාහ දරන බංකොලොත් දේශපාලනඥයන්ම ඇමරිකන් විරෝධී භීෂණයක් රට තුළ මැවීමට කටයුතු කිරීම හාස්‍ය ජනකයි.

MCC ගිවිසුම පිළිබඳව මුලින්ම සාකච්ඡා වූයේ 2002 වසරේදීය. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 කට සමාන රුපියල් මිලියන 88,000 ක පමණ මුදලක් ලැබෙනු ඇත.

2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින්ද මෙම ප්‍රදානය ලබාගැනීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස MCCමගින් ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා වන සාකච්ඡාවට මා සහභාගී වූයේ එකල රජයේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මතය. එහෙත් එම රජයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ දූෂණ, භීෂණ හා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් MCC ප්‍රදානය ලබාගැනීමට රජය ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා MCC පිළිබඳව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇතිකර තිබේ. එසේ වුවද මෙමගින් රටට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රකාශ කර නොමැත. රටට, ජනතාවට සෙතක් සැලසෙන, ආර්ථික ප්‍රතිලාභ ලැබෙන මෙම ගිවිසුම හරහා රටට කිසියම් හෝ අයහපතක් සිදුවන්නේ යැයි පවසන්නේනම් මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණ මවාපාමින් ජනතාව නොරවටා රටට කරුණු පැහැදිලි කරන ලෙසට විපක්ෂ නායකවරයාට අභියෝග කරමි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් රටේ ස්වෛරීත්වයට හානියක් වනවායැයි පොදු පෙරමුණට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිල්ලො මවමින් සිටිති. එහෙත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමකට පමණක් තම චෝදනාව සීමා කර ඇති අතර, ජනතාව තුළ බොරු භීෂණ මැවීමේ වගකීම සැමදා බොරු කියන මන්ත්‍රීවරු දෙපළට භාරදී ඇති බව ඔප්පුවේ.

මෙම ගිවිසුම මගින් රටේ ආර්ථික වර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍ය වන ප්‍රවාහන සේවය හා ඉඩම් පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව විසින්ම හඳුනාගෙන යෝජනා කර ගිවිසුමට ඇතුළත් කර තිබේ. මෙහි සඳහන් ඉඩම් ගැටලු විසඳීම තුළින් ලක්ෂ 50 ක් පමණ පුද්ගලයන්හට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු ලබාගත හැකිවන අතර ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70 ක ජනතාවකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මෙම ගිවිසුමේ ප්‍රථම අදියර යටතේ රටේ දිස්ත්‍රික්ක 07 ක තිබෙන්නා වූ පෞද්ගලික හා රජයේ ඉඩම් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ඉඩම් පිළිබඳ සිතියමක් සකස් කරනු ලබන අතර, එමඟින් රජයේ ඉඩම් පිළිබඳ වෙනමම වට්ටෝරුවක් පවත්වාගෙන යාමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියළු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක්ද ලබාදේ.

මහජනතාවට ප්‍රතිලාභ අත්වන මෙවන් ව්‍යාපෘති මගින් රටේ ස්වෛරීත්ත්වයට තර්ජනයක් වන බවට විපක්ෂය කරන චෝදනා බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නැතැයි තරයේ විශ්වාස කරමි.

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වූ සෑම පාර්ශ්වයකටම එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී තිබේ.

ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන ඊනියා දේශප්‍රේමීන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල යුතුයැයි අවධාරණය කරමි.

Post Views: 5
Previous Post

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි – ඩිලාන් පෙරේරා කියයි

Next Post

නුගේගොඩ පාලම අලුත්වැඩියා කිරීමක් – විකල්ප මාර්ග භාවිත කරන්න

editor

editor

Next Post

නුගේගොඩ පාලම අලුත්වැඩියා කිරීමක් - විකල්ප මාර්ග භාවිත කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved