• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

MCC ගිවිසුම අත්සන් කරන්නට පෙර සාකච්ඡා කිරීම වැදගත් – ආචාර්ය පාලිත කොහොන කියයි

6 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සහස්‍ර අභියෝග සම්මුතිය (MCC) ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුලත් සමාජය තුලත් පුළුල් සංවාදයක් ඇති කර එහි හොඳ නොහොඳ ගැන අවබෝධයක් ලබා ගත යුතුව තිබු බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

ඒ මහතා TTVNews.lk වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයටත් නිදහසේ තීරණ ගැනීමේ හැකියාවටත් බාධා නොවන අන්දමින් කොන්දෙසි එහි අන්තර් ගත කිරීම සිදු කළ යුතු බවයි.

හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා විසින් සිදු කළසහස්‍ර අභියෝග සම්මුතිය (MCC) ගිවිසුම පිළිබඳ විශේෂ විග්‍රහය පහත පරිදි වේ.

” සහස්‍ර අභියෝග සම්මුතිය මෙය අමෙරිකාවේ බුෂ් මහතා විසින් ඇති කළ ආයතනයක්. මෙහි පරමාර්ථය වන්නේ සංවර්ධනය වන රටවලට ද්‍රරිදතාවය අඩු කර ගැනීම හෝ නැති කර ගැනීමට ආධාර සැපයීම. මෙය ඉහළ මට්ටමේ පරමාර්ථයකි. මෙම ආයතනය මෙතෙක් කල් අමෙරිකානු ආණ්ඩුව විසින් මෙම පරමාර්ථය ඉටු ගැනීමට ම ද නැතිනම් අමෙරිකානු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ද යන ගැටළුව මතු වෙලා තිබෙනවා බොහෝ දෙනෙකුගේ හිත්වල.

අමෙරිකානු ආණ්ඩුවත් මෙම ආයතනයත් අතර තිබෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්. ට්‍රම්ප් මහතාගේ හිටපු උපදේශකයෙකු තමයි මෙම ආයතනයේ ප්‍රධාන පාලකයා වන්නේ. ලංකාවට මෙම ආයතනය මගින් ඩොලර් මිලියන 480 ක් දෙන්නට තීරණය කර තිබෙනවා. මෙම ඩොලර් මිලියන 480 ලංකාවේ බටහිර පළාතේ ප්‍රවාහනය දියුණු කිරීම සහ ලංකාවේ ඉඩම් අයිතිය හා භාවිතය නවීකරණය කිරීමයි. ඒ සමඟම චෝදනාවක් මතුව තිබෙනවා අක්කර දෙලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් අමෙරිකානු සමාගමට වලට පවරා දෙන ක්‍රමයක් ඇති කරන බවයි.

ත්‍රිකුණාමල කොළඹත් අතර අධිවේගි දුම්රිය මාර්ගයක් සහ ගමන් මාර්ගයක් හදන්නට සැලසුම් කර තිබෙනවා. ප්‍රසිද්ධ පොදු ප්‍රවාහන සේවය යහපත් මෙන්ම ඉඩම් නවිකරණය අපට ඵලදායි වන්නට ඉඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් වුවත් වවිධ අදහස් දක්වා තිබෙනවා ඇතැම් පිරිස්. ලංකාවට මෙම සහ්‍රස සංවර්ධන ආයතනය මෙම මුදල් ලබා දීම පිණිස ලංකාවට නොයෙක් කොන්දේසි පනවලා තියෙනවා.

එහි එකක් තමයි මෙම ආයතනයටත් එහි සේවකයින්ටත් අපගේ නීතීමය රාමුවක් ඇතුළත් නොවී කටයුතු කරන්න පුළුවන්කම ලබා දිම. ඔවුන් යටත්වන්නේ අමෙරිකානු නීතියට. ස්වෛරි රාජ්‍යයක් වශයෙන් මෙවැනි දෙයකට එකඟවීම උචිත ද යන්න පිළිබඳ ගැටළුවකි.

තවත් භයානායක කොන්දේසිය තමයි මෙම සමාගම සහ මෙම ආයතනය එහි සේවකයන් කිසිදු නීතිමය වගකීමකට හසු වුවහොත් ඔහු සම්බන්ධයෙන් ලංකාවේ නිතීය ක්‍රියාත්මක කිරීමට අපට නොහැකි වීම. මෙම ගිවිසුම යටතේ වරද කරපු පුද්ගලයාගේ වරද විභාග කරන්නේත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙත් අමෙරිකාවෙනි. එහි එය පැහැදිව සඳහන් කර නොමැති බවත් ඇතැම් විට අමෙරිකානු අධිකරණය එම පුද්ගලයාට දඩුවම් සිදු කරවිද? නඩුව අසාවිද යන්න පැහැදිව සඳහන් කර නොමැත.

එසේම මෙම ආයතනය යම් කිසි වගකිමක් ඉටු නොකලහොත් එහි වගකීම පැටවෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. උදාහරණයක් වශයෙන් ප්‍රවාහනය දියුණු කිරීමට මාර්ගයක් පිලිසකර කරන අවස්ථාවේදී එය කිරීමට නොහැකි යැයි හැඟි එය අතරමඟ දමා ගියහොත් එය පිළිසකර කිරීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටය. මෙම ආයතනය ඇමෙරිකාවේ දේශපාලන ආයුධයක් වශයෙන් භාවිතා කිරිමට ඉඩ ඇති බවයි.

දෙවන ගැටළුව තමයි මෙම සමාගමේ සේවකයින් ලංකාවට ඇතුළු වීමේදී පුර්ණ නිදහස ලැබී තිබෙන අතර රේගු බදු ආදිය නොගැනිම.

මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ පුළුල් වශයෙන් පාර්ලිමේන්තුවෙත් සමාජයෙත් එයින් හොඳ නොහොඳ තෝරා බේරා ගත යුතුයි.

 

වාර්තා කළේ  – දිලිනි  සමන්මලි 

 

Post Views: 9
Previous Post

ගෝඨා මුරුකරුවෙක් විතරයි..! මුරකාරයාට ගෙවල් ලියලා දෙන්නේ නෑ – ඇමැති වජිර

Next Post

කොන්දේසි විරහිතව සජිත්ට සහාය දෙනවා – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

කොන්දේසි විරහිතව සජිත්ට සහාය දෙනවා - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved