27 April 2024
#දේශීය

කොන්දේසි විරහිතව සජිත්ට සහාය දෙනවා – ඇමැති රිෂාඩ්

රටතුල සාමය, සමගිය, සහජීවනය ඇති කරන්න යන එකම ඉල්ලීම මත ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට එකඟ වූ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා මුලතිව් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

එහි දී අදහස් දැකවූ අමාත්‍යවරයා, “වසර 1000කටත් අධික කාලයක් තිස්සේ දෙමළ හා මුස්ලිම් ජනතාව මේ රටේ ජීවත් වෙනවා. අපේ මව් රටට අපි ආදරෙයි. මේ රට බෙදා වෙන්කරන්න, විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවාට අපි විරුද්ධ නිසයි සියළු මුස්ලිම් පක්‍ෂ, වතු පක්‍ෂ හා සුළු පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට තීරණය කළේ. ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගම තුල ත්‍රස්තවාදය නෑ. ඉස්ලාම් නමින් රට විනාශ කරන්න හදපු සහරාන් ඇතුලු කණ්ඩායමට දැඩි දඩුවම් දෙන්න ඕනා කියන මතයේ තමයි සමස්ථ මුස්ලිම් ජනතාවම ඉන්නේ. අපේ ආගමික කටයුතු කරගෙන, ව්‍යාපාර ඇතුළු රැකී රක්‍ෂා කටයුතු කරගෙන සියළු දෙනා සමග සමගියෙන් සහජීවනයෙන් ඉන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මෙතැන ඉන්න සිංහල ජනතාවගෙනුත් මා ඉල්ලා සිටිනවා ඔබ මේ ජිවත් වෙලා ඉන්න මව් රටට හොද නායකයෙක් පත් කරන්න කියලා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සියළු දෙනාටම උදව් කළා. දුප්පත්කම නැති කරන්න එතුමා කටයුතු කළා. එතුමාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති වශයෙන් කටයුතු කරපු කාලය තුල එතුමා උතුර, නැගෙනිිහිර, දකුණ ආදී ලෙස බේදයක් නැතිව සංවර්ධන කටයුතු කළා. ගෙවල් හදලා දුන්නා. එතුමා ජනාධිපති උනාම මේ රටේ සාමය සහජීවනය ඇති කරයි. සාමය සමගිය ඇතිවෙනකොට තමයි මේ රට දියුණු වෙන්නේ. සංවර්ධනය වන්නේ. මේ ලස්සන රට බලන්න සංචාරකයෝ එයි. ඒ නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මහතා වටා එකතු වෙලා ඉන්නේ. එම නිසා ඔබ සියළු දෙනාමත් සජිත් ප්‍රේමදාස මහතාව විශ්වාස කර එතුමාව ජයග්‍රහනය කරවයි කියලා අප බලාපොරොත්තු වෙනවා.”

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *