ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සම්බන්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡාවක් පසුගියදා (30) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඒ් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් හා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතරය.
විශේෂයෙන්ම ක්‍රිකට්, රග්බි, ටෙනිස්, පාපන්දු සහ මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ක්ෂේත්රවල පුහුණුකරුවන් හා කාර්මික ශිල්පීන්, කිරි ගොවීන් සහ මුල් ළමාවිය අධ්‍යාපන හුවමාරු වැඩසටහන් වල ගුරුවරුන් යන රැකියා ක්ෂේත්රවල නියැලෙන්නන් නවසීලන්තයේ පුහුණු වැඩසටහන් සදහා යොමු කිරීමට ක්‍රමවේදයක් සකස් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.