27 April 2024
#දේශීය

කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතියේදී රැස්වේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.

ඒ අනුව හෙට (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ.

එදිනම රැස්වන රජයේ ගිණුම් කාරක සභාව වෙත කැඳවා ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද හෙට රැස්වීමට නියමිතව තිබේ.

එයට අමතරව, එදින රජයේ මුදල් කාරක සභාවද රැස්වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කමිටුව හමුවට කැඳවා තිබේ.

මේ අතර, එළඹෙන 06 වැනිදා රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *