• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක් – අමාත්‍ය මනුෂ

16 June 2023
in දේශීය

සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) ළමා ශ්‍රමයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම වෙනුවෙන් නෙළුව මණ්ඩලපුර ප්‍රාථමික විද්‍යාලයේදී පැවති උත්සවයක එක්වෙමිනි.

ලංකාවේ මාධ්‍ය ආයතන සිදුකරන ඇතැම් වාර්තා නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ද නොපැමිණෙන බවද, එක්තරා ජාතික පුවත්පතක් දත්ත මත පදනම් නොවී ළමා ශ්‍රමය සම්බන්ධයෙන් වාර්තාකිරීම් සිදුකර තිබෙන බවද හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවදානම් තත්වයක් තිබෙනවා කියලා පුවත්පතක් වාර්තා කරලා තිබුණා. මේක ගැන සොයා බැලුවම ලංකාවේ එවැනි තත්වයක් නැහැ. නමුත් ලෝකයේම එවැනි ප්‍රවනතාවයක් තිබෙනවා. නමුත් දත්ත මත පදන් නොවී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියලා කියන්න බෑ. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවසන් වරට සමීක්ෂණයක් කරලා තියෙන්නේ 2016දී. ඒ දත්ත අනුව අපේ රටේ ළමා ශ්‍රමය භාවිතා කිරීමේ චෝදනාව තියෙන්නේ සියයට 0.9යි. ඒත් ලෝකයේ ලොකුම රටවල්, ලෝකයේ ලොකුම පොලිස්කාරයා වුන රටෙත් ළමා ශ්‍රමිකයින් මිලියන 20ක් ඉන්නවා. අපේ රටේ ගමක ඩෙංගු හැදුනොත් ඒක ලොකු ප්‍රවෘත්තියක් කරලා දාලා, ජාත්‍යන්තර මාධ්‍යවලත් පළ කරලා ලංකාවට එන සංචාරකයාත් නැති කරන්න තමයි හදන්නේ. කොහේ හරි හංදියක තුන් හතර දෙනෙක් උද්ඝෝෂණයක් කළාම ඒක වීඩියෝ කරලා ජාත්‍යන්තරව පෙන්නලා අපේ රට විනාශ කරනවා. දැන් සිංගප්පූරුවේ පහුගිය දවස්වල හොදටම රෝග උත්සන්න වෙලා තිබුණා. හැබැයි ඒවා මාධ්‍ය මගින් වාර්තා කරන්නේ නෑ. රටේ සුබසාධනය වෙනුවෙන් තමයි ඒ රටවල මාධ්‍ය කටයුතු කරන්නේ. ස්වයං වාරණයක් ඇතිව තමයි කටයුතු කරන්නේ. තවමත් ඇමරිකාව, එංගලන්තය ලංකාවේ සංචාරය කරන්න එපා කියා දාලා තියෙන සංචාරක තහනම් ඉවත් කරලා නෑ. ඒවායේ තියෙන්නේ තෙල් නැතිවේවි. පාරේ තැන් තැන්වල ගැටුම් ඇතිවේවි කියලා තමයි තියෙන්නේ. මේවා හැදුවේ කවුද. මාධ්‍ය තමයි මේවා හැදුවේ. මාධ්‍ය වගකීමෙන් කටයුතු නොකිරීම අපේ රටට ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටීම නිසා රැකියා අහිමිවීම් වැලැක්වීම සම්බන්ධයෙන් අපි කමිටුවක් පත් කරලා කටයුතු කරනවා. අලුතින් රස්සා ලබාදීම සදහාත් කටයුතු කරනවා. ළමා ශ්‍රමය වැලැක්විමට හැකියාව ලැබෙන්නේ ළමා ශ්‍රමය ඇතිවීම වැලැක්වීම සදහා වන පසුබිම නිර්මාණය කිරීම මගිනුයි. ඒ නිසා තමයි පසුගිය මාර්තු මාසයේ ඉදලා ගෙවල්වලට සහනාධාර දුන්නේ. සහල් ලබාදුන්නා. බැංකු ගිණුමටම මුදල් ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ආහාර සුරක්ෂිතතාවය පවතින තැන් ගැන සොයා බැලුවා. ඒවාට උත්තර ලබාදුන්නා. ප්‍රජා මුළුතැන්ගෙවල් පටන් ගත්තා. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී අවධානය යොමුවුනා. දෙසැම්බර් මාසයෙන් පස්සේ රටේ කන්න නැතිවේවි කියලා සමහර විශේෂඥවරියන් මාධ්‍යයට ඇවිත් කිව්වා. ඒත් ඒ තත්යවය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණා. අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැළණි ගගෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ. රටේ ව්‍යවසායකයෝ හදන්න කවුරුවත් උත්සාහ ගන්නේ නෑ. අපි හිර කරලා තියෙන්නේ. රටේ ඊපී.එෆ් ගෙවන ව්‍යාපාරිකයින් ඉන්නේ අසූ දහසයි. ආදායම් බදු ගෙවන ආයතන තියෙන්නේ දෙලක්ෂ අසූ දහසයි. අපේ රටේ මුල ඉදලා ව්‍යවාසයකත්වය ඉගැන්නුවොත් ළමා ශ්‍රමය කියන එක අයින් කරන එක අමාරු නෑ. දරුවන් විවෘතව හිතලා ඉහළට යන්න ඕන. අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැළණි ගගෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ.. රටේ ව්‍යවසායකයෝ හදන්න කවුරුවත් උත්සාහ ගන්නේ නෑ. අපි හිර කරලා තියෙන්නේ. රටේ ඊපී.එෆ් ගෙවන ව්‍යාපාරිකයින් ඉන්නේ අසූ දහසයි. ආදායම් බදු ගෙවන ආයතන තියෙන්නේ දෙලක්ෂ අසූ දහසයි. අපේ රටේ මුල ඉදලා ව්‍යවාසයකත්වය ඉගැන්නුවොත් ළමා ශ්‍රමය කියන එක අයින් කරන එක අමාරු නෑ. දරුවන් විවෘතව හිතලා ඉහළට යන්න ඕන යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

පෙම් සබඳතාවයක් නිසා අයෙකු සියදිවි නසා ගනි

Next Post

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

editor

editor

Next Post

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved