27 April 2024
#දේශීය

පෙම් සබඳතාවයක් නිසා අයෙකු සියදිවි නසා ගනි

මැණික්හින්න, ගල්කඩුව කෑලෑබද ප්‍රදේශයක ඊයේ (14) රාත්‍රී කාලයේදී අයෙකු සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා පිපිරිමේ උපකරණයක් යොදා ගනිමින් මෙම පිපිරිම සිදුකරගෙන ඇති බව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය කල මුලික පරික්ෂනවලදී අනාවරණ වි ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිදියාමෙන් ඇති වු සිත් තැවුලක් මත මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *