සමාජ සත්කාර සංවිධානයක් වන හෙල්ප් අයිකන් සංවිධානය විසින් මහරගම අපේක්ෂා රෝහලට සහ කටුවන දිසා රෝහල වෙත රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද (02) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.
ඒ්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ශල්‍යකර්ම සදහා භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් මෙන්ම රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටිපැරා මොනිටර්ස්, පේෂන් මොනිටර්ස් ඇතුලු වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කරන ලදි.
මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍ය ඒකකයේ සැත්කම්වලට භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් (පේෂන් චෙයාර්) මෙහිදී හෙල්ප් අයිකන් සංවිධානයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙත ලබාදුන් අතර කටුවන දිසා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය වන මල්ටිපැරා මොනිටරයක් රෝහල් කළමනාකරණ සේවා නිලධාරී රෝහණ ජයතිස්ස වීරසේකර මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි. කටුවන රෝහල විසින් අමාත්‍යවරියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව තවත් මල්ටිපැරා මොනිටර්ස් දෙකක් බයෝමෙඩිකල් අංශයෙන් ලබාදීමට මෙහිදී කටයුතු කරන ලදි. මෙහිදී සිදුකරනු ලැබූ පරිත්‍යාගවල වටිනාකම රුපියල් මිලියනයකට ආසන්නය.
මෙම අවස්ථාවට හෙල්ප් අයිකන් සංවිධානයේ ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන, උප ලේකම් ගයාන් හේවානායක යන මහත්වරු ඇතුලු පිරිසක්ද එක්විය.
Help Icon donated Medical equipment to Apeksha Hospital and Katuwana Hospital
Help Icon organization donates medical equipment to Maharagama Apeksha Hospital and Katuwana District Hospital today (02) under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control at the Health Ministry.
Medical equipment including a patient care chair for patients those who undergone surgery and multipara monitors and patient monitors for patient care were donated at the event.
A patient chair for the patients undergoing surgery at the Surgical Unit of the Maharagama Apeksha Hospital was handed over by the Chairman of the Help Icon, Priyadarshana Bentotaarachchi to the Director of the Maharagama Apeksha Hospital, Dr. Vijith Gunasekera and measures were taken to provide a Multipara Monitor to Katuwana hospital for patients receiving treatment at the Hospital.
According to a request made by the Katuwana Hospital from the Minister, two more Multipara monitors were provided by the Biomedical Division. The value of the donations made here is close to one million rupees.
Thusitha Jayawardena, General Secretary of Help Icon and Gayan Hewanayake, Deputy Secretary of Help Icon were also present at the occasion.