27 April 2024
#දේශීය

සරසවි ප්‍රවේශ කාලය අඩු කරනවා – අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) හෝමාගම – ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර-දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමිනි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, අමාත්‍යවරයා කියා සිටියේ, රටේ සෑම නිවසකට ම යමින්, ජනතාවගේ නිරෝගීභාවය සහතික කරන, ක්‍රමයක් ඇතිකළ යුතු බවය. ඒ සඳහා උසස් අධ්‍යාපන ආයතනවලින් සහයෝගය ලබාදිය හැකි බවත්, වෛද්‍ය හා හෙද සේවයට සහය දීමට ස්වේච්ඡා සේවා ආරම්භ විය යුතු බවත් ඔහු පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *