සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “ආරෝග්‍යා” ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල රාජකාරි කටයුතුවලින් ලබන සඳුදා සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ. දැනට දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක මහතා සඳහන් කළේය. දේශපාලන අරමුණු මත පදනම්ව මෙවැනි සායන 50ක් පමණක් දැනට ක්‍රියාත්මක වන බවත්, එම මධ්‍යස්ථානවලින් ඉවත් වීම හරහා සිය විරෝධය පළ කරන බවත් වෛද්‍ය සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














