රට තුළ කුමන ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඖෂධ සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්රමුඛ අවධානයක් සෞඛ්‍ය ක්ෂේත්රයට ලබාදෙන බවත් ඒ තුළ අමාත්‍යංශයේ ඉහළ අවධානය මේ වන විට ඖෂධ හා වෛද්‍ය උපකරණ කෙරෙහි ලබාදී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
2022 , 2023 වසරවල් සඳහා ද ප්‍රමාණවත් ප්‍රතිපාදන රජය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇතැයිද අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.
අනෙකුත් වකවානු වලට සාපේක්ෂකව ගෝලීය ව්‍යසනයෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේ වැඩිවීමක්වීමක් පෙන්නුම් කරන බවත් මේ තුළ ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා වන ඉල්ලුම යම් ප්‍රමාණයක් වැඩිවී ඇති බවත් හෙතෙම පැවසීය .ඖෂධ හා උපකරණ ඉල්ලුම ඉහළ ගියද නිසි කළමනාකරණය ඔස්සේ අවශ්‍ය ප්‍රමුඛතා මෙන්ම ඖෂධ හා උපකරණ හඳුනාගනිමින් එහි සැපයුම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.