27 April 2024
#දේශීය

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉබ්නේ ෆසාල් ෂෙයිකුසමාන් අද (15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී මේජර් ජෙනරල් ෂෙයිකුසමාන් මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය අගයමින් කියා සිටියේ අනාගත හමුදා නායකයින් සඳහා හිතකර පුහුණු පරිසරයක් එහි නිර්මාණය කර ඇති බවයි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *