27 April 2024
#දේශීය

රට නැවත වතාවක් හරි තැනට ගෙන්න නිදහස් පක්ෂයේ වගකීමක් බව මන්ත්‍රී දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා රට නැවත වතාවක් හරි තැනට ගෙන යාම වෙනුවෙන් නායකත්වය ලබා දිමේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර මැදවච්චිය ආසන තරුණ බළ මණ්ඩලය රැස්විම අමතමිනි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් තරුණ බළ මණ්ඩලයේ සභාපති තිළිණ නිරෝෂාන් යන මහත්වරුන් ඇතුලු ආරාධිතයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් මෙන්ම අපේක්ෂකයින්ද සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර මැදවච්චිය ආසන තරුණ බළ මණ්ඩලය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද සිදු කෙරිණි.

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.ඒ අවස්ථාව ජයග්‍රහණය කරන්න නම් අපි සංවිධානාත්මක වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන.ඒ සඳහා ආසන බළ මණ්ඩල, තරුණ බළ මණ්ඩල, කාන්තා බළ මණ්ඩල හැදෙන්න ඕන .ඒ වගේම සියලුම අපේ අනෙකුත් සංවිධාන ශක්තිමත් කරලා ඉදිරියේදී බලය ලබා ගැනීම වෙනුවෙන් අපි දැන් ඉඳන් සූදානම් වෙන්න ඕනකම තියෙනවා. දැන් අපිට මේ බලය ලබා ගන්න පුලුවන්ද කියලා සමහර අයට හිතෙන්න පුලුවන්.අපිට තමයි බලය ලබා ගැනීමේ උපරිම අවස්ථාව තියෙන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තමයි පොහොට්ටුවට ගියේ, ඔබතුමන්ලාගේ ගම්වල, දෙමාපියෝ, හිතවත්තු, ඥාතීන් මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ආදරයට පොහොට්ටුවට ගියා.හැබැයි අද පොහොට්ටුවට කතිරය ගහපු අයත් අද ඉන්නවාද නැද්ද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා.ඒ අයට ආයේ පාරක් මහ ගෙදරට එන එකේ කිසිම ගැටලුවක් නෑ,අපි සංවිධාන අපි ශක්තිමත් කරලා අපිට පුලුවන්කම තියෙනවා, අපිත් එක්ක ඉඳලා පොහොට්ටුවට ගිය අය එක්ක කථා කරලා, දැනුම්වත් කරලා නැවත වතාවක් ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්න පුලුවන්කම තියෙනවා. අද පොහොට්ටුවේ කියලා කියන්නත් සමහර අය කැමති නෑ, ඉතිහාසයේ වෙච්ච ප්‍රශ්නත් එක්ක, අත්වැරදීම් එක්ක ඒ අයට විශාල ගැටලුවක් තියෙනවා.ඒ අයට ගැලුවක් තියෙනවා කියලා අපි කිය කිය ඉඳලා හරියන්නේ නෑ, අපි අපේ පාක්ෂිකයන්ව දැනුම්වත් කරන්න ඕනකම තියෙනවා.දේශපාලනය කරපු අපි හැමෝම අරගලයත් එක්ක විශාල පණිවිඩයක් දේශපාලන පක්ෂ තේරුම් ගන්න ඕනකම තියෙනවා.වෙනදා දේශපාලනය කලේ සමහර වෙලාවට රස්සාවක් ගන්න, තමන්ට උදව්වක් කර ගන්න, සමෘද්ධිය ගන්න තමයි දේශපාලනය ලඝු වෙලා තිබුනේ ගම්වල,හැබැයි අද මේ රට හදන වැඩේට නායකත්වය දෙන්න ඕන දේශපාලන පක්ෂ කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්.වෙනදා රස්සාවට පක්ෂය ආවා නම්, සමෘද්ධිය වෙනුවෙන් පක්ෂයට ආවා නම්, තවත් ප්‍රථිලාභයක් වෙනුවෙන් පක්ෂයට ආවා නම් අද අපි හැමෝම දන්නවා මේ රට හදන්න නම් දේශපාලනයක් තියෙන්න ඕන, අපිත් යම්කිසි දේශපාලන පක්ෂයක සාමාජිකයෝ වෙන්න ඕන කියන කාරණාව.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා රට නැවත වතාවක් හරි තැනට ගෙන යාම වෙනුවෙන් නායකත්වය ලබා දිය යුතු වෙනවා.අද අපිට හයියක් අඩු වෙන්න පුලුවන්, හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අපේ වගකීම ඉෂ්ඨ කරන්න ඕන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *