මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු සිරියානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල වූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය අද (30) අලුයම ඉරාක දේශසීමාව අසලදී වාර්තා විය. සිරියානු හමුදාව ප්‍රකාශ කළේ දේශසීමා අසල පිහිටි හමුදා කඳවුරු කිහිපයකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් බහුතරයක් ගුවනේදීම විනාශ කිරීමට හැකි වූ බවයි. මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති වුවද, ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී කණ්ඩායම් මෙයට සම්බන්ධ බවට සැක කෙරේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාරයකින් ආරම්භ වූ මැදපෙරදිග යුද්ධයෙන් තම රට පසෙකට කර තැබීමට සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) උත්සාහ කළද, ඉරාක සටන්කාමීන්ගේ මැදිහත්වීම මත සිරියානු භූමිය ද යුද උණුසුමට නතු වෙමින් පවතී. සිරියානු නැගෙනහිර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සිපාන් හමෝ (Sipan Hamo) අවධාරණය කළේ තම රටේ ස්ථාවරත්වයට තර්ජනයක් වන මෙවැනි ප්‍රහාර නැවත ඇතිවීම වැළැක්වීමට ඉරාකය පියවර ගත යුතු බවයි. මීට පෙර අල්-තන්ෆ් (Al-Tanf) සහ කස්‍රාක් (Qasrak) වැනි ඇමෙරිකානු හමුදා රැඳී සිටි කඳවුරුවලට ද මෙවැනිම ප්‍රහාර එල්ල වී තිබුණි.














