ඉතාලියේ මිලාන් නුවරදී ට්‍රෑම් රථයක් පීලි පැන ගොඩනැගිල්ලක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 25 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. නගරයේ Vittorio Veneto මාවතේදී සිදුවූ මෙම අනතුරෙන් ට්‍රෑම් රථයේ ගමන් කළ මගියෙකු සහ මාර්ගයේ ගමන් කළ අයෙකු මියගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රෑම් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, එය වෙනත් මාර්ගයකට මාරු කිරීමේදී පීලි පැන ගොඩනැගිල්ලක ගැටී තිබේ.














