• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත්බවේ අගය වටහා ගැනීම සැබෑ විජය කුමාරතුංග ගුණානුස්මරණය බව ඇමැති ඩලස් කියයි

19 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විජය කුමාරතුංග නම් අසහාය කලාකරුවාගේ හා විශිෂ්ට දේශපාලඥයාගේ සැබෑ ගුණානුස්මරණය වන්නේ රට වෙනුවෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්සත්ව කටයුතු කළ යුතු බව වටහා ගැනීම බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල නගර ශාලාවේ අද (19) පැවති විජය කුමාරතුංග මහතාගේ 34 වන ගුණානුස්මරණ උළෙලට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “විජය කුමාරතුංග කලාකරුවානන් පිළිබඳ මතකයන් දෙකක් අවදි කරන්න මම කැමතියි. එකක් තමයි මා උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිටියදී ආනන්ද විද්‍යාලයේ බඹරු ඇවිත් චිත්‍රපටය පිළිබඳ විචාර සමුළුවක් පැවැත්වූ අවස්ථාව. එය දුරස්ථ අවස්ථාවක් වුවත් විජය කුමාරතුංග කියන ප්‍රතිභාසම්පන්න කලාකරුවා පිළිබඳ අප තුළ පැවති ආදරය මට මතකයි. දෙවැනි අවස්ථාව තමයි විජය කුමාරතුංග මැතිතුමාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ දවස. එවිට මා නීති ශිෂ්‍යයෙක්. තරුණයින් ලෙස අප තුළ මරණයට පැවති සංස්කෘතිකමය බය නැතිවුණු දවසක් ඒ දවස. ඒ තරම් දුරට මිනිසුන් ඔහුට ආදරය කලා. මිනිසුන් විජය කුමාරතුංගයන් වෙනුවෙන් දිවි නසා ගන්නා තරම් ආදරයක් තිබුණා. මේ මරණය සිදුවන්නේ 1988 පෙබරවාරි මාසයේ. අපගේ ජීවිත කාලවල අසූව දශකය තරම් අභියෝගාත්මක, දේශපාලන ත්‍රාසය මතු වූ කාලයක් අපට හමු වී නැහැ. විජය කුමාරතුංග දර්ශනය, දැක්ම මේ අසීරු දශකය තුළ අපට කියවාගන්න පුළුවන්. 34 වන ගුණානුස්මරණයේදි අප හැරී බලන්න අවශ්‍යයි විජය කුමාරතුංග මැතිතුමාගේ දර්ශනය අපට පැළකරගන්න කුමක්ද කළ යුතු කියා. අප එම චින්තනය නැවත කියවා ගත යුතුයි. මම එම චින්තනය තුළ හඳුනාගත් ප්‍රධාන කරුණු දෙකක් ඔබට සඳහන් කරන්න කැමතියි. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ වාමාංශය හා මැද එක්සත් කරන්න විජය කුමාරතුංගයන් දැක්වූ උත්සාහය හා එතුමාට ඒ තුළ තිබුණු උවමනාව. දෙවැන්න ජාතික සමගිය වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන් චකිතයකින් තොරව එතුමා ගනු ලැබූ තීන්දු. මේ විජය කුමාරතුංග චින්තනයේ පදනම් කණු දෙක අපි අද දවසේ නැවත කරළියට ගෙන ආ යුතුයි. අපි එය මහජන වේදිකාවට ගෙනැවිත් ඒ සමාජ සාකච්ඡාව පෝෂණය කරමු. මන්ද එම චින්තනය අදටත් අවශ්‍ය නිසා. එම අභියෝගාත්මක අවදියේ උතුරේත් දකුණේත් ආයුධ ගත් තරුණයින් අතරින් නැගී සිටි නිරායුධ, අහිංසක කලාකරුවා වූයේ විජය කුමාරතුංගයන්. ඒ ගමනෙන් ඔහු අපේක්ෂා කළේ වාමාංශිකයන්ගේ, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ එකමුතුකම. මෙය තෝරාගත් හැම අවස්ථාවකදීම අප රටක් ලෙස ඉදිරියට ගියා. මෙය තේරුම් ගත් නායකයින් දෙදෙනෙකු සිටිනවා. විජය කුමාරතුංග හැරුණු විට මෙය තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. 2005 ජනාධිපතිවරණයේ එතුමා මේ සියලු බලවේග එක් තැනකට ගෙනාවා. එදත් අප ලැබුවේ අසීරු ජයග්‍රහණයක්. මේ රට නිදහස් කළ මහින්ද රාජපක්ෂ යුගය නිර්මාණය වුනේ එහෙමයි. මේ එක්සත් බවේ අගය තේරුම් ගත් මුල් නායකයෙක් වුනේ විජය කුමාරතුංග මහතා. අපි අපේ දේශපාලන කතිකාවේදී මේ පිලිබඳ සාකච්ඡා කළ යුතුයි. එය තේරුම් ගැනීම තමයි සැබෑ විජය අනුස්මරණය බවට පත්වන්නේ. සැමරුම් උළෙලේ ආරාධිත දේශනය කළ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විජය කුමාරතුංගයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව නොලැබුණත් එතුමාගේ දේශපාලන ගමන අදටත් දේශපාලන කතිකාව තුළ ඉතාම ගෞරවයෙන්, ආඩම්බරයෙන් සිහිපත් කරන බවයි. ඔහුගේ දේශපාලන ජීවිතය තුළ අවිහිංසාවාදයෙන් ගොඩනැගුණු ශක්තිමත් දේශපාලන දර්ශනයක් පැවති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විජය කුමාරතුංගයන් ගොඩ නැංවූ ශ්‍රී ලංකා මහජන පක්ෂය වත්මන් ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් සමග ඉතා අසීරු දේශපාලන අවස්ථාවන්හිදී මෙන්ම අදටත් එක්සත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් ඇතුලු දේශපාලනඥයින් සහ විද්වතුන් විශාල පිරිසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

සිංහල ගොවිතැන කෘතිය ජනපතිට පිළිගැන්වේ

Next Post

වයඹ ඇළ ව්‍යාපෘති භුමියේ වාහන අමතර‍ කොටස් සොරකම් කළ යුධු හමුදාවේ සෙබළුන් අත්අඩංගුවට

editor

editor

Next Post

වයඹ ඇළ ව්‍යාපෘති භුමියේ වාහන අමතර‍ කොටස් සොරකම් කළ යුධු හමුදාවේ සෙබළුන් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved